සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අලුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.
මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරන ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරන බවයි.
1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක් දැක්‌වූ ලී කොමියුනිස්‌ට් දේශපාලන පක්‍ෂයක් වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක් 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.
ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව (ත)
මෙදාපාරත් කලින් වගේ මෙතුවම නොමරා මැරුවේ නැහැ නේද මාධ්‍ය තුලින්. ඔබ තුමාට නිවන් සුව! (ත)
අපේ රට වගේ කරන්න ගිය රට අද කොච්චර දියුණුද? අපේ දේශපාලනඥයන් ලැජ්ජා විය යුතුයි. (ත)
සිංහපුර, තණ නොකන දෙස් පාලන පරපුරක අබිමානය (ත)
මෙන්න ආදර්ෂමත් නායකයෝ. ඔබට නිවන් සුව (ත)
සිංගප්පූරුව නම් ඔබයි ! ඔබ නම් සිංගප්පූරුවයි !! එනම් ඔබගේ නාමය චීනයේ මාඕ සේතුං මෙන් සදා රඳා පවතී !!! (ම)
මෙතුමා ලංකාවේ ඉපදුනානම් ඒකාධිපතියෙක් කියල හංවඩු ගහල දූෂණ චෝදනා නගලා විනාශ කරල දානවා.. එතුමාට නිවන් සුව..(ම)