
(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙවීපියටයි, පෙරටුලටයි ඔන්න අවස්ථාවක් රට විකුනනවා කියල "ජනතාව"ගේ නාමයෙන් තමන්ගේ හෙන්චයියන් පාරට බස්සන්න. සජිත් මහත්තයටත් තමන්ගේ හිස් වචනවලින් රටට විහිළු සැපයීමට මේක හොද අවස්තාවක්.
ඊලග නිදහස් දිනයට රනිල් ගෙදර යැවිය යුතුයි.. නැත්නම් රට තවත් බංකොලොත් වෙනවද?