IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සංගීතයට නවමු සංකල්පයක් 'The NOISE Project'

2016-05-12-ent-92

ලෝකයේ මෙන්ම ලංකාවේ සංගීතය සඳහා එක්ව කටයුතු පිරිසක් අප හඳුන්වන්නේ සහ ඔවුන් පෙනී සිටින්නේ සංගීත කණ්ඩායමක් ලෙසයි. නමුත් මෙම සංගීත කණ්ඩායම කියන සංකල්පයෙන් එහාට ගිය පිරිසක් පිළිබඳව අද අප කතාකරනු ලබනවා. ඒ "The NOISE Project" යන කණ්ඩායමයි. ඔවුන් තම කණ්ඩායම සංගීත කණ්ඩායමක් ලෙස හඳුන්වන්නේ නැහැ. "The NOISE Project" හි ස්ථාපකයා වන රවී විදානාරාච්චි සමග අප සම්බන්ධ වූයේ "The NOISE Project" පිළිබඳව ඔබට දැන ගැනීම පිණිසයි.

 

2016-05-12-ent-94"The NOISE Project" ගැන හඳුන්වා දුන්නොත්?

The NOISE Project ගැන කිව්වොත්, ගොඩක් දුරට අපි සංගීතය අහන්නේ ඒ සඳහා තියෙන සංගීත භාණ්ඩ වලින් එන සංගීතයත් එක්කනේ. අපේ මේ සංකල්පය වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. වටපිටාව තුළදී අපට ඇහෙන ශබ්ද වලින් සංගීතයක් හදන්න පුළුවන් බව අපි මෙහිදී පෙන්නලා තියෙනවා. මම අවුරුදු හතරක් ඉන්දියාවේ හිටියා. එහෙදි ගත්ත අදහස් එක්ක තමයි මේ වැඩේ පටන් ගත්තේ. මූලිකව අපි කරන්නේ වටපිටාවේ ඇහෙන ශබ්ද වලින් සංගීතය හදන එකයි. අඩුම වශයෙන් තමයි අපි සංගීත භාණ්ඩයක් භාවිත කරන්නේ. අනිත් ඇහෙන හැම ශබ්දයක්ම ගන්නේ එළියෙන් ඇහෙන සද්ද වලින්.

 

"The NOISE Project" හි ආරම්භය?

මම "The NOISE Project" පටන් ගන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ. දැනට අපි Episode 05ක් කරලා තියෙනවා. ඒ 05න් 4ක් කළේ ලංකාවේ. එකක් කළේ ඉන්දියාවේ Artistලත් එක්ක. අපේ අලුත් Episode එක ලබන සතියේ එළිදක්වනවා.

 

Episode වශයෙන් එන සංකල්පයක් ගේන්න හිතුවේ ඇයි?

Episode විදිහට ආවේ පොඩි වෙනසක් එක්ක. අපි හැමතිස්සෙම හිතන්නේ පොඩි වෙනසක් එක්ක දෙයක් කරන්න. මේ Project කියන සංකල්පය ලංකාවට අලුත් දෙයක්. හැබැයි ඉන්දියාවට මේ දේ අලුත් දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත්, Raghu Dixitගේ ගීතත් Project කියලා තමයි එළිදක්වන්නේ. මේ වගේ තව කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අයගේ වැඩකටයුතු යන්නේ Project විදිහටයි. Band එකක් විදිහට නෙමෙයි. පොඩි Project Session විදිහට Play කරනවා. ගොඩක්ම මට මේ අදහස් ආවේ ඉන්දියාවේ ඉද්දී. මම ඉන්දියාවේ MTV sound trippin වල එක Episode එකක් සඳහා දායක වුණා. එයාලත් කරන්නේ Sound Recode කරලා Music හදන එක. ඒක වෙනම සංකල්පයක්. අපේ දේත් ඊට වඩා වෙනස් සංකල්පයක් එක්ක අපේ අදහස් එක්ක කරන දෙයක්.

 

ඉදිරි "Project" මොනවාද?

අපේ ඊළඟට එන එක හදල තියෙන්නේ අපේ ජන සංගීතයත් එක්ක. ලංකාවේ දැනට තිබෙන ජන සංගීතය සහ අවනද්ධ භාණ්ඩ සමග ජනකවි, සවුදම් එක්ක තමයි අපේ අලුත් Project එක එන්නේ. මොකද අපි කලින් ඒවා ඔක්කෝම හැදුවේ සිංදු වලින්. පරණ සිංදු එක්ක දැනට තියෙන හින්දි සිංදුවක්, ඉංග්‍රීසි සිංදුවක් මික්ස් කරලා තමයි ගීත හැදුවේ. මේකෙ පොඩි වෙනසකුත් එනවා. අලුත්ම එක ලංකාවට ආවේණික ගතියක් තියෙන දෙයක් වෙනවා.

 

"Project" කොටස් ලෙස එහෙමත් නැතිනම් Episode ලෙස එළිදක්වන්නේ ඇයි?

මට හිතුණා වෙනසකුත් එක්ක පොඩි දෙයක් කරන්න ඕන කියලා. මොකද අපිට හැමදාම එකම දේ කර කර ඉන්න බැහැනේ. Season 01 එක ඉවර වුණාම. Season 02 එක පටන් ගන්නේ වෙනස් විදිහකට. Season 02 එකේ පළමුවැනි Episode එක රූගත කරන්න ඉන්නේ ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේදියි. මේ රටවල් දෙකකින් එකක තමයි රූගත කරන්න හිතාගෙන ඉන්නේ. මොකද රටකට ආවේණික වෙච්ච සංගීතයක් තියෙනවානේ. ඒවත් එක්ක පොඩි එකතුවක් දාලා අලුත් දෙයක් කරන්න තමයි හිතන් ඉන්නේ.

 

සාමාජික සමාජිකාවන් ගැන කිව්වොත්?

ගොමික වීරසිංහ (Violin), නුවන්ග සමරසිංහ (Guitar), ගර්නි ග්ලෝරියා (Female Vocal), ලෙලන සඳමාල් (Male Vocal), ජයමාල් ශලින්ද (Saxophone), දසුන් කොනර් (Cinematography, සිද්ධි සර්ට් (Graphic Desginer - මුම්බායි, ඉන්දියාව) යන කට්ටිය තමයි මේ Project එකේ එහෙමත් නැතිනම් "The NOISE Project" වල සාමාජිකයන් වන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-12-ent-97
2016-05-12-ent-96
2016-05-12-ent-95
2016-05-12-ent-93
2016-05-12-ent-91
2016-05-12-ent-90

 



අදහස් (0)

සංගීතයට නවමු සංකල්පයක් 'The NOISE Project'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site