
(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය මොරයාය පාසල් ක්‍රිඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඊයේ (12) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් 31 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් තවත් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
පිහි ඇනුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හකුරුවෙල දිඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි බොලබොටුගේ රුවන් කුමාර නමැති තරුණයෙකි.
පිහි ඇනුමින් බරපතල තුවාල ලැබූ ඔහු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සැකකරු ඝාතනය සදහා යොදාගත් පිහිය සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරකැටිය පැත්තෙ ඉන්නෙ අනුන් මරා ගෙන ආතල් ගන්න උන් තමා. පුදුමයක් නෑ ඉතිම්!
මූකලානෙ වටේ ගම්වල ඉන්නෙ මිනීමරුවො මංකොල්ලකාරයො වගේ කිසිම ආගමක් දහමක් නැති මිනිස්කමට නිගාකරන කකුල් දෙකේ සත්තු ජාතියක්ද කියලා හිතෙනවා
අපේ රටේ සංගීත සංදර්ශණ කියන්නේ යන්තම් හරි සිහි බුද්ධියක් සහ හැදියාවක් තියෙන මනුස්සයෙක් පැත්ත පළාතකවත් යන්න සුදුසු තැනක් නෙවේ.
දකුණේ ගැම්ම...
කොහේගියත් මරාගන්නවා.. මෙහෙමත් කාලකණ්ණි..!
මෘගයො කොටසක්
මාරයි ! සංගීතේ බලන්න යන්නේ පිහිත් අරන්ද?