
(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය මොරයාය පාසල් ක්‍රිඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඊයේ (12) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් 31 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් තවත් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
පිහි ඇනුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හකුරුවෙල දිඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි බොලබොටුගේ රුවන් කුමාර නමැති තරුණයෙකි.
පිහි ඇනුමින් බරපතල තුවාල ලැබූ ඔහු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සැකකරු ඝාතනය සදහා යොදාගත් පිහිය සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගීතය මළගෙක් වේ:අයෙක් මරුට පහක් රෝහලට
ගමේ එකා Saturday, 13 July 2024 07:57 AM
වීරකැටිය පැත්තෙ ඉන්නෙ අනුන් මරා ගෙන ආතල් ගන්න උන් තමා. පුදුමයක් නෑ ඉතිම්!
දයාසේන Saturday, 13 July 2024 08:11 AM
මූකලානෙ වටේ ගම්වල ඉන්නෙ මිනීමරුවො මංකොල්ලකාරයො වගේ කිසිම ආගමක් දහමක් නැති මිනිස්කමට නිගාකරන කකුල් දෙකේ සත්තු ජාතියක්ද කියලා හිතෙනවා
Rashmi Saturday, 13 July 2024 08:57 AM
අපේ රටේ සංගීත සංදර්ශණ කියන්නේ යන්තම් හරි සිහි බුද්ධියක් සහ හැදියාවක් තියෙන මනුස්සයෙක් පැත්ත පළාතකවත් යන්න සුදුසු තැනක් නෙවේ.
Prabha Saturday, 13 July 2024 01:14 PM
දකුණේ ගැම්ම...
fairoos Saturday, 13 July 2024 02:04 PM
කොහේගියත් මරාගන්නවා.. මෙහෙමත් කාලකණ්ණි..!
Lelwala Sunday, 14 July 2024 02:12 AM
මෘගයො කොටසක්
B Amarasinghe Sunday, 14 July 2024 03:54 AM
මාරයි ! සංගීතේ බලන්න යන්නේ පිහිත් අරන්ද?