ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී මැයි 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අශිෂ්ට හා නොහොබිනා විදියට සැලකූ බව කියන ආගමන නිලධරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය පවසයි.
සංගක්කාර තමාට සිදුවූ හිරිහැර ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සටහන් තැබීය. එයින් මාධ්‍ය ගින්නක් ඇවිලී ගියේය.
සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු එහි ගොස් ඇත.
බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියා ඇත්තේ තම නිලධරයන් හැමවිටම ආචාරශීලී ලෙසත් සුහද ලෙසත් කටයුතු කළ යුතු බවයි. සංගක්කාරගෙන් පැමිණිල්ලක් ලැබුණු පසුව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන් කියයි.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංගාගේ ට්විටර් පහරට හීත්‍රෝ හෙල්ලෙයි
ක්‍රිෂාන්ත Wednesday, 13 May 2015 02:21 PM
යුරෝපේ රටවල අපගේ ජාතිකයන්ට මෙවැනි දේ සිදුවන බව සම්පුර්ණ ඇත්තක්.මටද මෙවැනි දේ සිදුවී ඇති බවට පවසන අතර සංගක්කාර මේ ගැන කට වහගෙන නොසිටීම හොද වැඩක්. (අ)
මුදියන්සේ Wednesday, 13 May 2015 02:33 PM
සමහර විට මීට වඩා ඉතාම පහත් ලෙස රාජකාරි වල නිරතවන නිලදාරීන් ලංකාවේ ගුවන් තොටුපලේ ඉන්නවා මමත් ඔය වගේ තත්වයකට මුහුණ දුන්නා කතා කරන්න දන්නේ නැති ඔලුව ඉදිමුන නිලදාරීන් රටකට අපකීර්තියක් බව කියන්න ඕනේ (කේ)
නිහාල් Wednesday, 13 May 2015 04:24 PM
හීත්රෝ ගුවන් තොටුපලේදී මටත් මගේ බිරිදටත් අසාදාරනයක් උනා.(කේ)
kumara Wednesday, 13 May 2015 04:47 PM
වැඩ කරන ඕනෑම තැනක ආචාර සිලි වීම ඉතා වැදගත් .හැමදේම හොදින් කරගෙන යාමට මහත් රුකුලක් වෙනවා. අපි කියල දෙන්න ඕනි මේදේවල්. සුද්දෝ සුදු උනාට වැඩ හොද මදි. (කේ)
සරත් ලන්ඩන් Wednesday, 13 May 2015 06:33 PM
කුමා, ඊළඟ පාර ලෝඩ්ස් වල සුද්දෝ ඉදිරියේ කරන කතාවේදී මේ ගැනත් සඳහන් කරන්න අමතක කරන්න එහෙම එපා, හොඳේ. (නි)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 09:13 PM
සංගා වැනි ඇති දක්ෂ ක්‍රීඩකයෙකුට සිදුවූ අපහසුතාව ගැන බොහෝ සුදු මිනිසුන්ගේ කණස්සල්ල පළවෙමින් තිබෙනවා.සංගා මේ ගැන ආගමන විගමන අංශයට වාර්තා කරන එක ඉතා වටිනවා. මොකද මෙයින්වත් නොහික්මුණු වර්ගවාදී සුළු පිරිස හරි පාඩමක් ඉගෙන ගන්න නිසා. (නි)
රවි බණ්ඩාර Wednesday, 13 May 2015 10:00 PM
අපිට තාම මතකයි ඒ රටේ අගමැති සමුළුවට පැමණ හැසිරුණ හැටි (නි)
ප්‍රනාන්දු Wednesday, 13 May 2015 10:08 PM
සුද්දා හිතන්න ඇති ලංකාව තවදුරටත් ඔවුන්ගේ යටත් රටක් කියා (නි)
නිහාල් Wednesday, 13 May 2015 10:37 PM
සංගාට ජය වේවා! (නි)
නිහාල් Thursday, 14 May 2015 01:15 AM
මේකට හේතුව කළු සුදු බේදය.මේ ගැන දැනගන්න නම් ලාංකිකයෙක් මාස 3 ක් විතර මේ රටක සිටිය යුතුයි.මෙහෙමත් ඇනුම්පද ! (නි)
හරේන්ද්‍ර Thursday, 14 May 2015 02:26 AM
සංගා නම් ගියේ ක්‍රීඩාවට. එයා ඒකට යන්න ඕනෑ. එයාට වුණ අසාධාරණය අපි හෙළාදකිනවා.ඒත් ඇයි මේ අපේ අනිත් සිංහල මිනිස්සු සුද්දට බැන බැන ඒ රටේ පදිංචිවෙලා ඉන්නේ? ලංකාව අත්හැරලා ඒ රටේ පදිංචියට ගියා නම් ඒ අයගේ සපත්තුවට යටවෙලා ඉන්න... බොරුවට සද්ද නොදා. (නි)
නිහාල් Thursday, 14 May 2015 02:28 AM
සංගාට ජයශ්‍රී! (නි)
ඩිල්ෂාන් Wednesday, 13 May 2015 12:23 PM
එයාලා හිතාගෙන ඉන්නේ ඒ රට තවමත් මහා ලොකු රටක් කියලා. ඇත්ත වශයෙන්ම ආචාරශීලී ආගමන විගමන නිලධාරීන් ඉන්නේ මහජන චීනයේ සහ ජපානයේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුවන් තොටුපොළෙත් දැන් ආචාරශීලීබව දිනෙන් දින අඩුවෙනවා. (නි)
චන්දන Thursday, 14 May 2015 03:13 AM
සංග නියම මහත්මයෙක්. මේක තමයි හොදම විදිහ මොවුන්ට පාඩම් කියා දෙන්න. පැමිණිලි කරානම් ඒක එතනින් ඉවර වෙනව. දැන් මේ ප්‍රචාරයත් එක්කම අදාල පුද්ගලයට හීන් දාඩිය දාල ඇති කරපු මෝඩකමට. සංගා කියන්නෙ අවස්ථාව අනුව නියම තීරණ ගන්න සැබෑ ශ්‍රි ලාංකිකයෙක්. ඔබට ජය. (බ)