ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී මැයි 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අශිෂ්ට හා නොහොබිනා විදියට සැලකූ බව කියන ආගමන නිලධරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය පවසයි.
සංගක්කාර තමාට සිදුවූ හිරිහැර ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සටහන් තැබීය. එයින් මාධ්‍ය ගින්නක් ඇවිලී ගියේය.
සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු එහි ගොස් ඇත.
බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය කියා ඇත්තේ තම නිලධරයන් හැමවිටම ආචාරශීලී ලෙසත් සුහද ලෙසත් කටයුතු කළ යුතු බවයි. සංගක්කාරගෙන් පැමිණිල්ලක් ලැබුණු පසුව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපේ රටවල අපගේ ජාතිකයන්ට මෙවැනි දේ සිදුවන බව සම්පුර්ණ ඇත්තක්.මටද මෙවැනි දේ සිදුවී ඇති බවට පවසන අතර සංගක්කාර මේ ගැන කට වහගෙන නොසිටීම හොද වැඩක්. (අ)
සමහර විට මීට වඩා ඉතාම පහත් ලෙස රාජකාරි වල නිරතවන නිලදාරීන් ලංකාවේ ගුවන් තොටුපලේ ඉන්නවා මමත් ඔය වගේ තත්වයකට මුහුණ දුන්නා කතා කරන්න දන්නේ නැති ඔලුව ඉදිමුන නිලදාරීන් රටකට අපකීර්තියක් බව කියන්න ඕනේ (කේ)
හීත්රෝ ගුවන් තොටුපලේදී මටත් මගේ බිරිදටත් අසාදාරනයක් උනා.(කේ)
වැඩ කරන ඕනෑම තැනක ආචාර සිලි වීම ඉතා වැදගත් .හැමදේම හොදින් කරගෙන යාමට මහත් රුකුලක් වෙනවා. අපි කියල දෙන්න ඕනි මේදේවල්. සුද්දෝ සුදු උනාට වැඩ හොද මදි. (කේ)
කුමා, ඊළඟ පාර ලෝඩ්ස් වල සුද්දෝ ඉදිරියේ කරන කතාවේදී මේ ගැනත් සඳහන් කරන්න අමතක කරන්න එහෙම එපා, හොඳේ. (නි)
සංගා වැනි ඇති දක්ෂ ක්‍රීඩකයෙකුට සිදුවූ අපහසුතාව ගැන බොහෝ සුදු මිනිසුන්ගේ කණස්සල්ල පළවෙමින් තිබෙනවා.සංගා මේ ගැන ආගමන විගමන අංශයට වාර්තා කරන එක ඉතා වටිනවා. මොකද මෙයින්වත් නොහික්මුණු වර්ගවාදී සුළු පිරිස හරි පාඩමක් ඉගෙන ගන්න නිසා. (නි)
අපිට තාම මතකයි ඒ රටේ අගමැති සමුළුවට පැමණ හැසිරුණ හැටි (නි)
සුද්දා හිතන්න ඇති ලංකාව තවදුරටත් ඔවුන්ගේ යටත් රටක් කියා (නි)
සංගාට ජය වේවා! (නි)
මේකට හේතුව කළු සුදු බේදය.මේ ගැන දැනගන්න නම් ලාංකිකයෙක් මාස 3 ක් විතර මේ රටක සිටිය යුතුයි.මෙහෙමත් ඇනුම්පද ! (නි)
සංගා නම් ගියේ ක්‍රීඩාවට. එයා ඒකට යන්න ඕනෑ. එයාට වුණ අසාධාරණය අපි හෙළාදකිනවා.ඒත් ඇයි මේ අපේ අනිත් සිංහල මිනිස්සු සුද්දට බැන බැන ඒ රටේ පදිංචිවෙලා ඉන්නේ? ලංකාව අත්හැරලා ඒ රටේ පදිංචියට ගියා නම් ඒ අයගේ සපත්තුවට යටවෙලා ඉන්න... බොරුවට සද්ද නොදා. (නි)
සංගාට ජයශ්‍රී! (නි)
එයාලා හිතාගෙන ඉන්නේ ඒ රට තවමත් මහා ලොකු රටක් කියලා. ඇත්ත වශයෙන්ම ආචාරශීලී ආගමන විගමන නිලධාරීන් ඉන්නේ මහජන චීනයේ සහ ජපානයේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුවන් තොටුපොළෙත් දැන් ආචාරශීලීබව දිනෙන් දින අඩුවෙනවා. (නි)
සංග නියම මහත්මයෙක්. මේක තමයි හොදම විදිහ මොවුන්ට පාඩම් කියා දෙන්න. පැමිණිලි කරානම් ඒක එතනින් ඉවර වෙනව. දැන් මේ ප්‍රචාරයත් එක්කම අදාල පුද්ගලයට හීන් දාඩිය දාල ඇති කරපු මෝඩකමට. සංගා කියන්නෙ අවස්ථාව අනුව නියම තීරණ ගන්න සැබෑ ශ්‍රි ලාංකිකයෙක්. ඔබට ජය. (බ)