එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද (11) ලෝක වාර්තාවක් පිහිටවීය.
මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබාගෙන සංගක්කාර වාර්තාව පිහිටුවා තිබිණි.
අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශතකයක් ලබාගනිමින් ඔහු මේ දස්කම දැක්වීය.
මීට පෙර පකිස්ථානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.
කුමාර් සංගක්කාර අද තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුළු රකින්නා බවටද පත් වෙමින් තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය. ඔහු තරඟ 36 කදී දවාගැනීම් 54කට දායකවී මෙම වාර්තාව පිහිටවීය. මීට පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු කඩුළු රකින්නකුවූ ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 52 කට දායක වෙමින් වාර්තාව පිහිටුවා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගක්කාර ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි
අසංක Wednesday, 11 March 2015 01:51 PM
ඔබගේ දක්ෂතාවන් අප රටට මහත් ගෞරවයක්.ඔබ වැනි දක්ෂයකු ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු ගැනීම ලංකාවේ ක්‍රිකට් වලට ලොකු පාඩුවක්.(හේ)
ප්‍රේමරත්න Wednesday, 11 March 2015 01:52 PM
වාර්තා පිට වාර්තා තබන ඔබට ජයවේවා.ඉදිරි තරග වලදීත් ඔබගේ දක්ෂතා අප බලාපොරොත්තු වෙනවා.(හේ)
ලාල් Wednesday, 11 March 2015 01:55 PM
සංගා ඔබට ජයවේවා.ලෝක කුසලානය අපිට දිනා ගැනීමට හැකි වේවා.(හේ)
චමී Thursday, 12 March 2015 03:40 AM
ඔබ වැනි දක්ෂයෙකු අපේ රටට දායාද කල ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා. ඔබගේ දස්කම් ගැන අපට ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. සංගා ඔබ මේ රටට කල දේ අපමණයි (නදී)
අනුරාධි Saturday, 14 March 2015 07:18 AM
කාටත් පේනවා දැන් අපේ රටේ කොල්ලන් මො වගේ වීරයොද කියලා. ශ්‍රී ලංකාවේ ගෞරවය හැම විටම රැක ගැනීමට ඔබ අැතුලු අපේ කණ්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා (නදී)
තරූ Wednesday, 11 March 2015 07:44 AM
සුබ පැතුම් සංගා.! ඔබ නියම දක්ෂයෙක්. (ර)