එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද (11) ලෝක වාර්තාවක් පිහිටවීය.
මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබාගෙන සංගක්කාර වාර්තාව පිහිටුවා තිබිණි.
අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශතකයක් ලබාගනිමින් ඔහු මේ දස්කම දැක්වීය.
මීට පෙර පකිස්ථානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.
කුමාර් සංගක්කාර අද තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුළු රකින්නා බවටද පත් වෙමින් තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය. ඔහු තරඟ 36 කදී දවාගැනීම් 54කට දායකවී මෙම වාර්තාව පිහිටවීය. මීට පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු කඩුළු රකින්නකුවූ ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 52 කට දායක වෙමින් වාර්තාව පිහිටුවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දක්ෂතාවන් අප රටට මහත් ගෞරවයක්.ඔබ වැනි දක්ෂයකු ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු ගැනීම ලංකාවේ ක්‍රිකට් වලට ලොකු පාඩුවක්.(හේ)
වාර්තා පිට වාර්තා තබන ඔබට ජයවේවා.ඉදිරි තරග වලදීත් ඔබගේ දක්ෂතා අප බලාපොරොත්තු වෙනවා.(හේ)
සංගා ඔබට ජයවේවා.ලෝක කුසලානය අපිට දිනා ගැනීමට හැකි වේවා.(හේ)
ඔබ වැනි දක්ෂයෙකු අපේ රටට දායාද කල ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා. ඔබගේ දස්කම් ගැන අපට ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. සංගා ඔබ මේ රටට කල දේ අපමණයි (නදී)
කාටත් පේනවා දැන් අපේ රටේ කොල්ලන් මො වගේ වීරයොද කියලා. ශ්‍රී ලංකාවේ ගෞරවය හැම විටම රැක ගැනීමට ඔබ අැතුලු අපේ කණ්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා (නදී)
සුබ පැතුම් සංගා.! ඔබ නියම දක්ෂයෙක්. (ර)