කුමාර් සංගක්කාර (නොදැවී 127) සහ දිනේෂ් චන්දිමාල් (102) පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 195 සම්බන්ධතාව නිසා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 294 ක් රැස්කරමින් ලකුණු 54 ක් ඉදිරියෙන් සිටියේය.

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 240

(ජහුරුල් ස්ලාම් 33, මොහොමඞ් අෂ්රාෆුල් 16, මොමිනුල් හක් 64, නසීර් හොසේන් 48, සොහග් ගෂි 32, රංගන හේරත් 68/5, නුවන් කුලසේකර 54/3)

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 93 කදී කඩුලූ 6 ට 294

(දිමුත් කරුණාරත්න 17, කුමාර් සංගක්කාර නොදැවී 127, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් 102, කිත්රුවන් විතානගේ 12, රොබියුල් ඉස්ලාම් 52/2, රුබෙල් හොසේන් 41/2)

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)