නිමාවූ ශූරයන්ගේ කුසලන තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව තරගාවලියේ කණ්ඩායම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර තෝරාගනු ලැබ ඇත. මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙස සංගක්කාර තෝරාගනු ලැබ ඇත.
මෙම කණ්ඩායම කි‍්‍රකට් ප‍්‍රවීනයන් පස්දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් තෝරාගන්නා ලදි.
ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජය වූවද තරගාවලියේ හොඳම තනි ඉනිම කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වූයේ කුමාර් සංගක්කාරයි. එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී සංගක්කාර නොදැවී ලකුණු 134 ක් ලබාගත්තේය.
තරගාවලියේ කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙලින්)
ෂිකාර් ධාවන් (ඉන්දියාව*, ජොනතන් ට්‍රොට් (එංගලන්තය), කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව), විරාට් කෝලි (ඉන්දියාව), මිස්බා උල් හක් (පාකිස්තානය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව), රවීන්ද්‍ර ජදේජා (ඉන්දියාව), රයාන් මැක්ලරන් (දකුණු අපි‍්‍රකාව), බුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව), ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය), මිචෙල් මැක්ලින්හැන් (නවසීලන්තය)
12 වැනි කී‍්‍රඩකයා - ජෝ රූට් (එංගලන්තය)
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කී‍්‍රඩක දස්කම්
කී‍්‍රඩකයකුගේ හොඳම ඉනිම (ශතක ලබාගැනීම්)
| ලකුණු | පිතිකරුවා (කණ්ඩායම) | ප‍්‍රතිවාදී කණ්ඩායම | ක‍්‍රීඩාංගණය | දිනය |
| 134* | කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) | එංගලන්තය | ලන්ඩන් ඕවල් | 2013.0613 |
| 114 | ශීකාර් ධාවන් (ඉන්දියාව) | දකුණු අප‍්‍රිකාව | කාඞීෆ් | 2013.06.06 |
| 102* | ශීකාර් ධාවන් (ඉන්දියාව) | බ. ඉ. කො | ලන්ඩන් ඕවල් | 2013.06.11 |
කී‍්‍රඩකයකු ලබාගත් වැඩිම ලකුණු
| ලකුණු | ක‍්‍රීඩකයා (කණ්ඩායම) | තරග වැ. | ලකුණු |
| 363 | ශීකාර් ධාවන් (ඉන්දියාව) | 5 | 114 |
| 229 | ජොනතන් ට්‍රොට් (එංගලන්තය) | 5 | 82* |
| 222 | කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) | 4 | 134* |
| 177 | රෝහිත් ශර්මා (ඉන්දියාව) | 5 | 65 |
| 176 | විරාට් කෝලි (ඉන්දියාව) | 5 | 58* |
වැඩිම කණ්ඩායම් ලකුණු
| ලකුණු | කණ්ඩායම (ප‍්‍රතිවාදීන්) | ක‍්‍රීඩාංගණය | තරග දිනය |
| 331/7 | ඉන්දියාව (දකුණු අප‍්‍රිකාව) | කාඞීෆ් | 2013.06.06 |
| 305 | දකුණු අප‍්‍රිකාව (ඉන්දියාව) | කාඞීෆ් | 2013.06.06 |
| 297/3 | ශී‍්‍ර ලංකාව (එංගලන්තය) | ලන්ඩන් ඕවල් | 2013.06.13 |
| 293/7 | එංගලන්තය (ශී‍්‍ර ලංකාව) | ලන්ඩන් ඕවල් | 2013.06.13 |
| 269/6 | එංගලන්තය ( ඕස්ටේ‍්‍රලියාව) | බර්මින්හැම් | 201306.08 |
කී‍්‍රඩකයකු දවාගත් වැඩිම කඩුලූ
| කඩුලූ | පන්දු යවන්නා (කණ්්ඩායම) | තරග | හො. ප. යැවීම |
| 12 | රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) | 5 | 5/36 |
| 11 | මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) | 3 | 4/43 |
| 11 | ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) | 5 | 3/30 |
| 10 | ඉෂාන්ත් ශර්මා (ඉන්දියාව) | 5 | 3/33 |
| 8 | රයන් මැක්ලරන් (දකුණු අප‍්‍රිකාව) | 4 | 4/19 |
ඉනිමක හොදම පන්දු යැවීම
| කඩුලූ | ක‍්‍රීඩකයා (කණ්ඩායම) | ප‍්‍රතිවාදීන් | ක‍්‍රීඩාංගණය | තරග දිනය |
| 36/5 | රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) | බ.ඉ.කො | ලන්ඩන් ඕවල් | 2013.06.11 |
| 19/4 | රයන් මැක්ලරන් (දකුණු අප‍්‍රිකාව) | පකිස්තානය | බර්මින්හැම් | 2013.06.10 |
| 30/4 | කයිල් මිල්ස් (නවසීලන්තය) | එංගලන්තය | කාඞීෆ් | 2013.06.16 |
| 34/4 | ලසිත් මාලිංග (ශී‍්‍ර ලංකාව) | නවසීලන්තය | කාඞීෆ් | 2013.06.09 |
| 43/4 | මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) | ශී‍්‍ර ලංකාව | කාඞීෆ් | 2013.06.09 |
සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ජාමේ බේරාගෙන තියනවා. ඔයින් ගියා ඇති (නි)
මේක ඉන්දියාවේ කණ්ඩායම වගෙනේ (අ)
ඇත්තටම ඔයාලට හැම දෙයක් ගැනම සුබවාදීව බලලා කණ්ඩායමේ වැරදි හදාගන්න යෝජනා ඉදිරි පත් කරන්න බැරිද ලංකාවට මෙහෙම වෙන්නේ ඔයාල වගේ මිනිස්සු ඉන්න නිසා.(නදී)
මොකක්හරි කියලා අපිව ආයෙත් ක්‍රිකට් වලට ඇබ්බැහි කරගන්න හදන්නේ. අපි අහුවෙයි ඕවට.ආයේ මැච් බලන්නේ නැහැ කිව්වොත් නැහැමයි. (නි)
ඔව් නුවන්. මාලිංගගේ හැමදෙයක්ම ලස්සනයි. කොන්ඩෙත් හරිම දැකුම්කලුයි (නි)
මමනම් කියන්නේ අපහු මහේල හරි සංඟා හරි නායකකම ගන්න ඕන (අ)
ලෝකේ ඉන්න දක්ෂම ක්‍රීඩකයා තමයි සංගා (දී)
ඔය සදරුවන්ට උම්බෑ කියන්නේ නැතුව කෙකර ගාන්න පුළුවන්ද? (නි)
සඳරුවන් අපි ඔයාට බලන්න කියන්නෙ නැහැ. බලන්නෙ නැත්තන් පාඩුවේ ඉන්න. බලන්නෑ බලන්නෑ කිය කියා හැම තැනම දුවන්නෙ නැතුව. (නි)
ඉන්දියන් මැච් එකේ සංගා බැට් කරපු විදිය දැක්කාම කියලා වැඩක් නැහැ. සංගයි තිරිමාන්නයි දෙන්නා අපිට ක්‍රිකට් එපා කලා.. (නි)
අරුණි , මාලිංගට කැමති කොන්ඩේ නිසාද? (නි)
අරුණි, මොකෝ මාලිංගව මීට කලින් දැකලා නැද්ද? (නි)
සංගා, ඔබ අගනා ක්‍රීඩකයෙකි, අපේ රටට.(නදී)
මදෑ එක්කෙනෙක්වත් හිටියා (නි)
සංග අපේ රටට මහත් ආඩම්බරයක්. මේ වගේ සුපිරි ක්‍රීඩකයෙක් අපිට ආයෙ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි කොන්ද පන ඇති විශිෂ්ට නායකයෙක්. ඔබට ජයෙන් ජය සංගා. (නි)
බුවනේෂ්වර් කුමාර් ?? ඒ කවුද? (නි)
මේකේ මාලිංග නැහැනේ. මම ආසම ක්‍රීඩකයා. (නි)
ලංකාවේන බිහි වෙච්ච හොදම ක්‍රීඩකයා සහ ලෝකයේ හොදම ක්‍රීඩකයන් තුන් දෙනා අතර සිටින සුපිරිම ක්‍රීඩකයෙක්. නියමයි සංගා!!!! (නි)