IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සංගා ශුරයන්ගේ කුසලාන තරගාවලියේ කණ්ඩායමට එක්වෙයි

නිමාවූ ශූරයන්ගේ කුසලන තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව තරගාවලියේ කණ්ඩායම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර තෝරාගනු ලැබ ඇත. මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙස සංගක්කාර තෝරාගනු ලැබ ඇත.

මෙම කණ්ඩායම කි‍්‍රකට් ප‍්‍රවීනයන් පස්දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් තෝරාගන්නා ලදි.

ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජය වූවද තරගාවලියේ හොඳම තනි ඉනිම කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වූයේ කුමාර් සංගක්කාරයි. එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී සංගක්කාර නොදැවී ලකුණු 134 ක් ලබාගත්තේය.

තරගාවලියේ කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙලින්)
ෂිකාර් ධාවන් (ඉන්දියාව*, ජොනතන් ට්‍රොට් (එංගලන්තය), කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව), විරාට් කෝලි (ඉන්දියාව), මිස්බා උල් හක් (පාකිස්තානය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව), රවීන්ද්‍ර ජදේජා (ඉන්දියාව), රයාන් මැක්ලරන් (දකුණු අපි‍්‍රකාව), බුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව), ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය), මිචෙල් මැක්ලින්හැන් (නවසීලන්තය)
12 වැනි කී‍්‍රඩකයා - ජෝ රූට් (එංගලන්තය)

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කී‍්‍රඩක දස්කම්

කී‍්‍රඩකයකුගේ හොඳම ඉනිම (ශතක ලබාගැනීම්)

ලකුණු පිතිකරුවා (කණ්ඩායම) ප‍්‍රතිවාදී කණ්ඩායම ක‍්‍රීඩාංගණය දිනය
134* කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) එංගලන්තය ලන්ඩන්  ඕවල් 2013.0613
114 ශීකාර් ධාවන් (ඉන්දියාව) දකුණු අප‍්‍රිකාව කාඞීෆ් 2013.06.06
102* ශීකාර් ධාවන් (ඉන්දියාව) බ. ඉ. කො ලන්ඩන්  ඕවල් 2013.06.11

 

කී‍්‍රඩකයකු ලබාගත් වැඩිම ලකුණු

ලකුණු ක‍්‍රීඩකයා (කණ්ඩායම) තරග    වැ. ලකුණු
363 ශීකාර් ධාවන් (ඉන්දියාව) 5 114
229 ජොනතන් ට්‍රොට් (එංගලන්තය) 5 82*
222 කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) 4 134*
177 රෝහිත් ශර්මා (ඉන්දියාව) 5 65
176 විරාට් කෝලි (ඉන්දියාව) 5 58*

 

වැඩිම කණ්ඩායම් ලකුණු

ලකුණු කණ්ඩායම (ප‍්‍රතිවාදීන්) ක‍්‍රීඩාංගණය තරග දිනය
331/7 ඉන්දියාව (දකුණු අප‍්‍රිකාව) කාඞීෆ් 2013.06.06
305 දකුණු අප‍්‍රිකාව (ඉන්දියාව) කාඞීෆ් 2013.06.06
297/3 ශී‍්‍ර ලංකාව (එංගලන්තය) ලන්ඩන්  ඕවල් 2013.06.13
293/7 එංගලන්තය (ශී‍්‍ර ලංකාව) ලන්ඩන්  ඕවල් 2013.06.13
269/6 එංගලන්තය ( ඕස්ටේ‍්‍රලියාව) බර්මින්හැම් 201306.08

 

කී‍්‍රඩකයකු දවාගත් වැඩිම කඩුලූ

කඩුලූ පන්දු යවන්නා (කණ්්ඩායම) තරග හො. ප. යැවීම
12 රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) 5 5/36
11 මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) 3 4/43
11 ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) 5 3/30
10 ඉෂාන්ත් ශර්මා (ඉන්දියාව) 5 3/33
8 රයන් මැක්ලරන් (දකුණු අප‍්‍රිකාව) 4 4/19

 

ඉනිමක හොදම පන්දු යැවීම 

කඩුලූ ක‍්‍රීඩකයා (කණ්ඩායම) ප‍්‍රතිවාදීන් ක‍්‍රීඩාංගණය තරග දිනය
36/5 රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) බ.ඉ.කො ලන්ඩන්  ඕවල් 2013.06.11
19/4 රයන් මැක්ලරන් (දකුණු අප‍්‍රිකාව) පකිස්තානය බර්මින්හැම් 2013.06.10
30/4 කයිල් මිල්ස් (නවසීලන්තය) එංගලන්තය කාඞීෆ් 2013.06.16
34/4 ලසිත් මාලිංග (ශී‍්‍ර ලංකාව) නවසීලන්තය කාඞීෆ් 2013.06.09
43/4 මිචෙල් මැක්ලීන්හැන් (නවසීලන්තය) ශී‍්‍ර ලංකාව කාඞීෆ් 2013.06.09

 

සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න 



අදහස් (0)

සංගා ශුරයන්ගේ කුසලාන තරගාවලියේ කණ්ඩායමට එක්වෙයි

කළුවා Tuesday, 25 June 2013 06:19 PM

යන්තම් ජාමේ බේරාගෙන තියනවා. ඔයින් ගියා ඇති (නි)

:       0       0

මහේස් කොඩිතුවක්කු Wednesday, 26 June 2013 06:47 PM

මේක ඉන්දියාවේ කණ්ඩායම වගෙනේ (අ)

:       0       0

වසන්ත Wednesday, 26 June 2013 02:52 PM

ඇත්තටම ඔයාලට හැම දෙයක් ගැනම සුබවාදීව බලලා කණ්ඩායමේ වැරදි හදාගන්න යෝජනා ඉදිරි පත් කරන්න බැරිද ලංකාවට මෙහෙම වෙන්නේ ඔයාල වගේ මිනිස්සු ඉන්න නිසා.(නදී)

:       0       0

සඳරුවන් Wednesday, 26 June 2013 01:47 AM

මොකක්හරි කියලා අපිව ආයෙත් ක්‍රිකට් වලට ඇබ්බැහි කරගන්න හදන්නේ. අපි අහුවෙයි ඕවට.ආයේ මැච් බලන්නේ නැහැ කිව්වොත් නැහැමයි. (නි)

:       0       0

අරුණි Wednesday, 26 June 2013 03:22 PM

ඔව් නුවන්. මාලිංගගේ හැමදෙයක්ම ලස්සනයි. කොන්ඩෙත් හරිම දැකුම්කලුයි (නි)

:       0       0

තිෂාන් Thursday, 27 June 2013 11:43 AM

මමනම් කියන්නේ අපහු මහේල හරි සංඟා හරි නායකකම ගන්න ඕන (අ)

:       0       0

සමීර Wednesday, 26 June 2013 03:47 PM

ලෝකේ ඉන්න දක්ෂම ක්‍රීඩකයා තමයි සංගා (දී)

:       0       0

දුලිප් Wednesday, 26 June 2013 04:09 PM

ඔය සදරුවන්ට උම්බෑ කියන්නේ නැතුව කෙකර ගාන්න පුළුවන්ද? (නි)

:       0       0

ඉෂාර Wednesday, 26 June 2013 07:44 AM

සඳරුවන් අපි ඔයාට බලන්න කියන්නෙ නැහැ. බලන්නෙ නැත්තන් පාඩුවේ ඉන්න. බලන්නෑ බලන්නෑ කිය කියා හැම තැනම දුවන්නෙ නැතුව. (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 09:55 PM

ඉන්දියන් මැච් එකේ සංගා බැට් කරපු විදිය දැක්කාම කියලා වැඩක් නැහැ. සංගයි තිරිමාන්නයි දෙන්නා අපිට ක්‍රිකට් එපා කලා.. (නි)

:       0       0

නුවන් Wednesday, 26 June 2013 01:31 PM

අරුණි , මාලිංගට කැමති කොන්ඩේ නිසාද? (නි)

:       0       0

අමල්ක Wednesday, 26 June 2013 05:07 PM

අරුණි, මොකෝ මාලිංගව මීට කලින් දැකලා නැද්ද? (නි)

:       0       0

සුජීව Tuesday, 25 June 2013 11:13 PM

සංගා, ඔබ අගනා ක්‍රීඩකයෙකි, අපේ රටට.(නදී)

:       0       0

නිල්මිණි Tuesday, 25 June 2013 05:11 PM

මදෑ එක්කෙනෙක්වත් හිටියා (නි)

:       0       0

නිමේෂ් Wednesday, 26 June 2013 02:15 PM

සංග අපේ රටට මහත් ආඩම්බරයක්. මේ වගේ සුපිරි ක්‍රීඩකයෙක් අපිට ආයෙ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි කොන්ද පන ඇති විශිෂ්ට නායකයෙක්. ඔබට ජයෙන් ජය සංගා. (නි)

:       0       0

නිශාන් Wednesday, 26 June 2013 05:55 PM

බුවනේෂ්වර් කුමාර් ?? ඒ කවුද? (නි)

:       0       0

අරුණි Tuesday, 25 June 2013 11:30 PM

මේකේ මාලිංග නැහැනේ. මම ආසම ක්‍රීඩකයා. (නි)

:       0       0

දමිත් Wednesday, 26 June 2013 02:21 PM

ලංකාවේන බිහි වෙච්ච හොදම ක්‍රීඩකයා සහ ලෝකයේ හොදම ක්‍රීඩකයන් තුන් දෙනා අතර සිටින සුපිරිම ක්‍රීඩකයෙක්. නියමයි සංගා!!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site