(ඩයනා උදයංගනී)
පාසල්වල සිට මීටර් 100ක සීමාව තුළ සෞඛ්‍යයට අහිතකර ආහාරපාන අලෙවිය සහ එවැනි ආහාරවල ප‍්‍රචාරණ කටයුතු සඳහා පාසල් වයසේ දරුවන් යොදාගැනීම සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මීට අමතරව දරුවන් ඉලක්ක කර ඇති ආහාර පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරයට පෙර එම දැන්වීම්වල සුදුසු නුසුදුසු බව තීරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සෞඛ්‍යයට අහිතකර ආහාර නිෂ්පාදනය සීමා කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට මෙන්ම ආහාර ලේබල් කිරීම හා ඒවායේ පෝෂණ ගුණය සටහන් කිරීම අනිවාර්ය කිරීමට ද මෙහිදී තීරණය කෙරුණු බව ඇමතිවරයා කියයි.
පාසල් ළමුන් අතර ස්ථුලතාව වැළැක්වීමේ සහ ඔවුන්ට සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වූ බව ද කරුණාතිලක මහතා කීවේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහය ඇතිව මෙම නව වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඇමතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොසේජස් කෑවම හොඳට ඉගෙන ගන්නයි, ක්‍රිකට් ගහන්නයි පුළුවන් වෙනවා කියලා තමයි අපේ ගෘහණියෝ තවමත් හිතාගෙන ඉන්නේ. සල්ලි පස්සේ කෑදරකමට ගොස් මේ බොරු ප්‍රචාරණය කරන්න හවුල් වෙන ක්රීඩකයෝද මේවාට වග කිව යුතුයි.
ඔවු ඇමති තුමා කෙසෙල් ප්රචාරනයටත් සීමා පනවන්න.දරුවන්ට හොද නෑ
ප්‍රයෝජනයක් නැති දේවල්... දැන්වීම් සීමා කළොත් නම් හොඳයි.