කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය එම රෝහලේම සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායකයාගේ මරණයට හේතුව ඩෙංගු රෝගයම නොව විසබීජයක් ශරීරගත වීම බව රෝහල් බලධාරිහු කියති.
ඩෙංගු වැළඳුන තම දරුවාට නිසි ප‍්‍රතිකාර රෝහලෙන් සිදු නොවීම මෙම මරණයට හේතුව බවට මිය ගිය අයගේ දෙමාපියන් චෝදනා කරන බැවින් මෙය මහේස්ත‍්‍රාත් පරික්ෂනයක් සඳහා යොමු කරන ලෙස කලූබෝවිල හදිසි මරණ පරික්ෂක පාරින්ද කොටුගොඩ මහතා අද (10) කොහුවල පොලිසියට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රැකියා කරන ස්ථානයෙන්ම සෑදුන ලෙඩක් නිසා ඔහුගේ අසරණ වූ බිරිඳට හා දරුවනට ජීවත්වීමට පිළිසරණක් සඳහා රෝහල් බලධාරීන් ක්‍රියාකරන්නේ නම් ඉතා මැනවි. සමහරවිට ඔහුට විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදලක් පවා නැතුව ඇති! (නි)
මේ පුවත ඇත්ත නම් බලධාරින්ගෙන් ඇසියයුතු ප්‍රශ්න 3 ක් තියනවා. 1.මේ රෝගියාට රෝහල් පරිසරය තුළදී ඩෙංගු සෑදීමේ අවදානමක් තිබුනද? 2. ඉතා හොඳින් ඩෙංගු රෝගය කළමනාකරණය කරගන්න පුළුවන් මේ වගේ යුගයක රෝහල් සේවකයෙක්ම වන මේ රෝගියාගේ රෝග තත්වය ඇයි කළමනාකරණය කරගන්න බැරිවුණේ? 3.මේ රෝහලේ ඩෙංගු මරණ අනුපාතිකය ඉහළ මට්ටමක තිබෙනවද? සමහරවිට මේවට මේ භද්‍රකල්පයේදී උත්තර ලැබෙන එකක් නැහැ (නි)