සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් එහි පළ කර තිබේ. 

හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (haජked by mr z) විසින් බව එහි සඳහන් වේ. ‘උතුම් ජීවිත පරිත්‍යාගය‘ යනුවෙන් ඉන්දුනීසියා බසින් එහි සටහන් කර තිබේ.

එම් සී ඒ යනු ඉන්දුනීසායා සංවිධානයක් බව කියති. 

පිටස්තරයන් විසින් කළ බව පෙන්වීමට ඇතැම් විට මෙය ශ්‍රී ලාංකිකයකු විසින්ම කළාදැයි සොවිය යුතු බව සයිබර් විශේෂඥයෙක් කීවේය.

මීට පෙර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීයැයි පාසල් සිසුවෙක් ද අත්අඩංගුවට පත් විය.