
(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන් දින අටක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනධිපති ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට හදිසි සාකච්චාවක් ආරම්භ වී තිබේ.
එම සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තීයවේදීන් එකමුතුවේ නිලධාරීහූ ද සහභාගි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ජනාධිපති ලේකම්? තව විදිහකින් කිව්වොත් ජනාධිපතිට සෞඛ්‍ය ඇමැතිට වැඩි විශ්වාසයක් නොමැති නිසාද?
ඉල්ලන්නේ නැතුව නිකන් රුපියල් 5000ව වැඩිකරලා ආණ්ඩුව ඉල්ලන් කනවා හොඳ වැඩේ... මේ වෙලාවට තමයි, ප්‍රේමදාස මහත්තයා හරි ජයවර්ධන මහත්තයාගේ අගේ තේරෙන්නේ...
අනිවාර්යයෙන් මේ අසාධාරණ, තිරිසන් වැඩවර්ජන කුමන හෝ ක්‍රමයකින් නතර කළයුතුයි. රටේ විශාල පිරිසක් රැකියා නැතිවෙලා සෑහෙන්න අසීරුවෙන් ජීවත් වෙනවා. පුද්ගලික අංශයේ ආදායම් අඩුවෙලා… අසීමිත කැපකිරීමක් කරනවා මාසික වේතනය වෙනුවෙන්… මොවුන් ඉහළ පඩි ගන්න උදවිය… තවත් මොනවද මේ වසංගතයක්..., ආර්ථික අර්බුදයක් අස්සේ මේ කරන නිවට වැඩ… නැවත වර්ජනය කරනවා නම් රැකියා වලින් නෙරපා දමන්න. සිදුවන පාඩුවත් අයකර ගත යුතුයි.. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයාගේ, JR ජයවර්ධන මහතාගේ අගේ තේරෙන්නේ..
ඉල්ලපු ඉල්ලීම් වලින් එකක් හෝ ලබා දී තවත් පිරිසකට එවැනි වැඩ වර්ජනයකට අභිප්‍රේරණය කරන්න එපා. කලින් වැඩ වර්ජනයකදී ගත්තු තීරණ තමයි... මොවුන්ද පූර්වාදර්ශයට ගෙන ඇත්තේ. ජනතාව 2/3 බලයක් ලබා දුන්නේ කෙවිටක් අරගෙන හරි රට හදයි කියලා විශ්වාසයට මිසක් මහජනතාව අමාරුවේ දාන සුළුතරයකගේ වල්බූරු නිදහසක් රකින්න නොවේ. ඒ නිසා රට වැටී ඇති තත්වයෙන් ගොඩ ඒමේ සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අධිකරණයට ශක්තිමත් තීරණ ගැනීමට අවශ්‍ය ශක්තිමත් නීති පනවන්න. මේක කළ දුටුකළ වල ඉහගැනීමක්, තනිකරම ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයක්.
ප්‍රේමදාස මහත්තයාටත් හරි පුතෙක් හිටියා නම්...!