
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධිවිධානවලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද කීවාය.
“ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ත්ත්තවය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙනවා. ඒ අනුව කොරෝනා වයිරසය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස සඳහා නීතිමය වශයෙන් පියවර ගන්නවා. තව දින දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”
මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයටයි.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වෙනවා” යැයි ඇමැතිනිය පැවසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ අයට මාස්ක් ඕන නැහැ
මෙහෙම විහිලුවට කිව්වේ හොඳේ...
එතකොට රෝගය ආනනයනය කරපු අයට මුකුත්ම කරන්නේ නැද්ද,?
එතකොට කොරෝනා ගෙනාපු අයට, එන්න දීපු ආන්ඩුවේ අයට හයමාසයක් හිරේ යවන්නේ නැද්ද ?
මැති ඇමතිවරුන්ට සහ පිටරට ඉහල පැලැන්තියේ නිලධාරීන්ට මේ නීතිය වලංගු නැද්ද.?
225 ටත් මේක අදාලද.?
ජනතාවට හරිගියා එහෙනම්. ඔක්කොම දාන්නෙ අපිට තමා . දැන් අපිද කොරෝනා ගෙනාවේ.
මේ අවස්ථාවේ අප සියලුදෙනා අවංකව නීතිගරුක වියයුතුය.
ඕවා දෙනු පරහට.....
අම්මෝ දැන් ආණ්ඩුව ගොඩක් සැරයිනේ,
චීන අයටත් මේ නීතිය බලපානවද?
මොනව ද කියන්නෙ නෝනෙ. රෝහල් ඇතුලෙත් ඉන්නෙ මාස්ක් නැතිව
අර නුවරඑළියේ මළගෙදරට දහස් ගණන් සෙනග රැස්වෙලා ඔවුන් එකෙක්වත් හිරේ දාන්න බැරි වුණා. ඒත් සිංහල ගෙදරක මළගෙයක් වුනොත් උපරිම 20 කට වඩා මළගෙදර ඉන්න බෑ කියලා නීති දැම්මා. ඔය නීති අපට විතරයි...