(ඉන්දිකා රාමනායක)
සයිටම් විරෝධතා පාගමනේ නිරත වු විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (22) සවස බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ‍්‍රයට ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු කීවේය.
අමාත්‍යංශයේ හානි වු දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පටිගත කර ඇති ආවේක්ෂණ කැමරා දර්ශන, ඡායාරූප, සහ අනිකුත් සාක්කි උපයෝගි කරගෙන මෙම නීති විරෝධී කි‍්‍රයාවේ නිරත පිරිස අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න ඕන පොලිසියේ අයම තමයි. ඒ මිනිස්සු බල්ලෝ බළලුන්ට වගේ ගහනකොට ළමයි මොකද කරන්න ඕන. තියෙන දේවල් පෙරලගෙන හරි පිට වෙන්න වෙනවා. ඕක බාර ඔලුව ඉදි මේච්ච ඇමතිය ඇවිල්ල කතා කල නම් සිසුන් නිදහසේ පිටවෙන්න තිබ්බ. ආණ්ඩුව මොකද කලේ හැමදාමත් කරනවා වගේ ජනතාව නැගිටිනිකොට පොලිසිය හමුදාව යොදල ගහනවා. ඔය ළමයි ඔය අවේ රටේ හැමෝගෙම දරුවන්ගේ අනගත නිදහස් අධයාපනය රේක දෙන්නයි. අඩුම ගානේ මේ හොර තක්කඩි ඇමතියෝ ආණ්ඩුවේ ආයතනයක් වෙච්ච වෛද්‍ය සගවේ තීරනයටවත් හිස නමන්නේ නෑ. රටේ ජනතාව මේ අවරුදු 70ක කාලකන්නි නරුම ක්‍රමය නැති කරන්න අලුත් විදිහට හිතන්න ඕන.
රට හැමතැනම වියවුල්. නිකන් කයිවාරුව විතරයි.