(ඉන්දිකා රාමනායක)
සයිටම් ආයතනයට විරෝධය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට හානි කළ බව කියන සිසුන් 100 දෙනකු පමණ හඳුනාගන ඇති බවත් ඔවුන් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.
මෙලෙස හඳුනාගත් ඇතැම් සිසුන් සිය ගම් ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටින බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු පාලකයො එදා ඌව වෙල්ලස්ස සටනින් ලැබූ පරාජයෙන් පසු තරුණ පිරිස් සොයමින් සිදු කල මහා සංහාරය මතක් වෙනවා
ඇතුලට රිංගන කල් බලන් හිටපු අයව අල්ලන්නේ නැද්ද?
මහජන මුදලින් නොමිලයේ අධ්‍යාපනය ලබමින්, මහජන දේපළම විනාශ කරන මේ "සිසු මදාවියන්" සොයා ගැනීම අපහසු වෙන්න බැහැ. මුන්ගේ අම්මා අප්පලාගේ දේපළ මේ විදියට කඩා බිඳ දමනවාද ? මේවා අලුත්වැඩියා කිරීමට වියදම් වන්නේත් මහජනයා ගෙවන බදු මුදල් බව මේ ම්ලේච්ච අමනයන්ට තේරෙන්නේ නැද්ද ? මේ ආයතනයේ තිබෙන CCTV කැමරා වල මුන්ගේ භීෂණ මුහුණු පැහැදිලිව සටහන් වී තිබෙනවා නේද? එම දර්ශන මකා ඉවත් කිරීමට පෙර, ආරක්ෂිතව පොලිස් භාරයට ගෙන ඉක්මන් පරීක්ෂණ පවත්වා මුන්ගෙන් සියලු මුදල් අයකර ගැනීමට කටයුතු කලොත් මින් ඉදිරියට මහමග තප්පුලමින්, පොදු දේපලවලට හානි කරන අමනයන් සහ උන්ව උසිගන්වා පාරට දමන බොස්ලා වරක් නොව, කිහිපවරක්ම හිතා බලනු ඇත. මේ අමනයන් කොටුකර ගැනීමට පොලිසියට විශාල කාර්යභාරයක් පැවරී ඇත. ඒ අතරම, රට කරවන්නේ ජනාධිපති, අගමැති ඇතුළු රජයක්ද, සාමාන්‍ය ජනතාවට බාදා පමුණුවමින් පාර පුරා බුරමින් මහජන දේපොළ වනසන තක්කඩි රැලක්ද කියා මහජනයා ප්‍රශ්න කරමින් සිටී !!!!