මාතරදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු පැදවූ බව කියන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් වර්ගයේ ලියාපදිංචි අංකයක් නැති ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව මාතර පොලිසිය කියයි.
ජිප් රිය පදවාගෙන ආ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එහි රක්ෂණ සහතිකය හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලිපියක් ඉදිරිපත් කළ බවත් මාස තුනක් ඇතුළත එම මෝටර් රිය යළි ඇමරිකාවට යවන බව පැවසූ බවත් පොලිසිය පවසයි.
එම රිය වමෙන් පදවන රථයක් බවත් එහි ඉදිරිපස හා පසුපස අදාළ සංඥා කිසිවක් නැති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටිපතියෝ පොලිසිය අන්දවනවා. පොලිසිය ජනතාව අන්දවනවා. ඕක තමයි චක්‍රයක් වගේ කැරකි කැරකි යන්නේ. (නි)
ඔයත් හමඅර් එකකින් එන්න ,මම අල්ලන්න එපා කියල කියන්නම්. (බ)
විදේශ රටක ලියාපදිංචි රථයක් ලංකාවෙ ධාවනය කරන්න පුලුවන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේන් අවසර අරන්. ලංකවෙ මේක වැඩිය හුරුපුරුදු දෙයක් නොවුණාට ගොඩබිමින් එකිනෙක සම්බන්දවුණ රටවල් වල විදේශිය අංක තහඩු සහිත වාහන ඕනෑතරම් දකින්න පුලුවන්. මෙතන තියන එකම වරද වමෙන් පැදවීම කියලා බෝඩ් එකක් නොදා තිබුණ එක (නි)
මෙය දේශපාලන ප්‍රබලයකුගේ දෙයක් වාගේ .සාමාන්‍ය කෙනෙකුගේ නම් රථයත් පදවපු රියදුරත් අත්අඩංගුවේ ? (ම)
හමර් වලට මාර්ග නීති නැතුවා වගෙයි. (නි)
මේ හමර් එක ඇමෙරිකාවේ සිට ගෙන්නා ඇත්තේ මුහුදු මාර්ගයකින් වෙන්න ඇති. (නි)
මෙම සිද්ධිය සම්බන්ධව කිසිත් නොදැන විවේචන එල්ල කිරීම කළුවරේ අතගානවා වගේ වැඩක්.(හේ)
මෙය අත්අඩංගුවට අරන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද? අංක නොමැතිව මගේ 90සීසී යතුරුපැදිය පොලිසියෙන් අල්ලා මට රුපියල් 2500 දඩ ගැහුවා. බයිසිකලේ නැවත දුන්නේ ලියාපදිංචි සහතික පොත් ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළාට පස්සේ (නි)
දුප්පතාට සහ පොහොසතට යනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ අංශ දෙකක් තියෙනවා වගෙයි මට නම් තේරෙන්නේ (නි)
මේක තමයි ලංකාවේ පොලිසියේ හැටි නීති ඔක්කොම පොඩි මිනිහට තමයි සල්ලි තියෙන කෙනාට නීතිය නැමෙනවා මහා ලොකු යහපාලනය (බ)
මේ රථය කොහොමද මහපාරට ආවේ. මෙය ඒ රටේ ඉඳලා පදවාගෙන ආවා නොවෙයිනේ. නියමිත පරිදි වරායකින් තමයි ගොඩබාලා තියෙන්නේ. නිල ලියවිලි සමහරක් තියනවා නම්, මොකක්ද රහස.. (නි)
ද සිල්වා, ඔහොම තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙ විවිධ මිනුම් දඬු තියනවා. රාජකාරිය රැක ගතයුතු විදිහ එළියට එනකොටම කියල දීලා තියෙන්නේ. (නි)
මේවා රගපෑම්. අපි කොණ්ඩේ බැදපු අය කියලා හිතන් ඇති (ම)
බය වෙන්න එපා, ලංකාව ඉදිරියටත් සංවර්ධනය වෙමින් පවතින රටක් (නි)