(සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කොටි හිතවාදී ප්රකාශය ගැන මැති සබයේ උණුසුම්කාරී තත්වයක් ඇතිවු අවස්ථාවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලදැයි චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්රසන්න රණවීර මන්ත්රීවරයාගෙන් පාර්ලිමේන්තු වරප්රසාද කමිටුව අද (16) නිදහසට කරුණූ විමසා ඇත.
පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රණවීර මහතා එම කමිටුව හමුවේ අද උදේ පෙනී සිටියේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්රසන්න රණවීර මන්ත්රීවරයා පැවසුවේ එදින පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධියේ වීඩියෝ දර්ශන පෙන්වා වරප්රසාද කමිටුව තමාගෙන් නිදහසට කරුණු විමසු බවයි.
පාර්ලිමේන්තුවේ ඒ කලබලය තවදුරටත් උත්සන්න වුණේ කතානායකවරයා ඒ ගැන කතා කිරීමට විපක්ෂයට ඉඩ නොදුන් නිසා බවත් කොටි හිතවාදි ප්රකාශයක් කළ විජයකලා මහේෂ්වරන්ට විරුද්ධව මෙතෙක් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නැති තත්වයක් යටතේ ඒ ගැන කතා කිරීමට උත්සාහ දැරූ මන්ත්රීවරුන්ට විරුද්ධව විනය ක්රියාමාර්ග ගැනීමට යෑම සාධාරණ දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තමා වරප්රසාද කමිටුවට දැනුම් දුන්නේ යැයිද රණවීර මහතා කිවේය.
පාර්ලිමේනතුවේ මේ උණූසුම්කාරී සිද්ධිය ඇති වුයේ ඉකුත් 3 වැනිදා පෙරවරුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර තුන ඇතුළත පාර්ලිමේන්තුව තුලදී සිදුවූ ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් සියල්ල මගින් වීඩියෝපටයක් නිර්මාණයකර ලංකාවේ ඡන්දදායකයන් වෙත නැරඹීමට සැලැස්විය යුතුය. ඡන්දදායකයන් විසින් රට වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවට පත් කරනලද අයවලුන්ගේ හැසිරීම සියලු රටවැසියා දැනගත යුතුය. එම දර්ශන නැරබිමෙන් රටේ ජනත්වත් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කව්රුන්ද කියා යලිත් සිතනු නොඅනුමානය. ජනතාව පත්කරනලද මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ මොනවාදි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.
ඕනෑම දෙයකට නිසි පිළිවෙලක් තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරිත්ම ආයතනය එතන ගෞරවයට හානි සිදු වෙනවානම් දඩුවම් ලැබිය යුතුමයි...... එහෙම නැති උනොත් මුළු රටම කෝලම් මඩුවක් වෙයි.....
මේ අය ජනතා නියෝජිතයෝ නොවෙයි, පාතාලයේ නියෝජිතයෝ මුලින්ම එල්ලුම් ගහට යවන්න ඕනේ මේවගේ අය...
අනේ මේ අයව පාර්ලිමේන්තු එවනවනේ.
මර්වින් සිල්වා , පබා, චතුර සේනාරත්න, ප්රසන්න රණවීර වැනි අයව ඉහළින්ම පාර්ලිමේන්තු යැවූ ගම්පහ දිස්ත්රික්කයේ අති බුද්ධිමත් ජනතාවට ප්රණාමය මෙවන් ජනතාවක් අත්තේ ගම්පහ දිශාවේ පමණි , පක්ෂ භේදයෙන් තොරව ලැජ්ජවෙමි මර්වින් සිල්වා කොළඹින් ඡන්ද පන්දාහයි (5000) නමුත් ගම්පහින් ඡන්ද එක්ලක්ෂ පනස්දාහයි (150,000) කොහොමද ගම්පහ ජනතාව ?
සෙන්කොලේත් හොරකම් නොකරොත් තමයි පුදුමේ.?
උගත් කමක් නැති මිනිස්සු ආවම ඕක තමයි වෙන්නේ. කිසිම සුදුසු කමක් ඕනේ නෑ. වෙන රටවල් වල ඇමති මණ්ඩල දිහා බලලවත් අපේ රටේ දේශපාලනයට අවම සුදුසු කමක් හැටියට මොනයම් හරි උපාධියක් තියෙන්න ඕන. පහල මට්ටමේ දේශපාලනයට අඩුම උසස් පෙළ සමත් වෙන්න ඕන. මේවා ක්රියාත්මක කරන්න කිසිම කෙනෙකුට උවමනා නෑ . මොකද වටේටම ඉන්නේ හොරු තක්කඩි නිසා. ඒ අයගේ උදවු නැතුව මහා උන්ට ඉන්න බෑ. රට කාලකන්නි කරලා අපේ ඉදිරි පරම්පරාවත් නැතිකරනවා.