මාතලේ මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම පැවැත්වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පාලිත ජයසේකර මහතාගේ අය වැය කතාවකට විරෝධය දක්වමින් ස්වාධින මන්ත්‍රී ජයරත්න ලියනගොඩ මහතා සෙංකෝලය රැගෙන සභාවෙන් පිටවී ගියේය.
ඔහු සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වන එස් ප්‍රකාශ්,රොෂාන් ද සිල්වා,එස් හසරුල්ලා,එම් හාරිස්,විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ, මන්ත්‍රීවරුන් වන අයි කේ මෛත්‍රීපාල හා තුෂාර ප්‍රනාන්දු යන මන්ත්‍රීරු සභාවෙන් පිටව ගියහ.
අනතුරු විනාඩි දහයකට පමණ පසුෙආරච්චි පී එම් විජේකෝන් මහතා පැමිණ නැවත සෙංකෝලය සභාවේ තැන්පත් කළේය.
නගරාධිපති හිල්මි කරීම් මහතා සභාව අතර මඟ නතර නොකර පවත්වාගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුස්සියට රිලව් පැනපුවමත් කුස්සියේ තියෙන පිහිය හැඳි එහෙම අරගෙන දුවනවා. ඒ අය දන්නේ නැහැනේ එව්වා මොකට තියෙන එව්වද කියල.(දී)