(රොයිටර් ඇසුරිනි - 125)
ශ්‍රී ලාංකිකයින් ,යේමන ජාතිකයින් , උතුරු හා මධ්‍යම අප්‍රිකානු ජාතිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 480 කට ආසන්න පිරිසක් රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් මානුෂීය සේවා නැවක් විසින් මුදා ගැනීමේ සිද්ධියක් ඊයේ (03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුදා ගැණුණ එම සංක්‍රමණිකයින් අතර දින හතරක් පමණ වයසැති දරුවෙක්ද සිටින බවට ජාත්‍යන්තර මාධ්‍ය සේවා රැසක් වාර්තා කර තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී.
එම නෞකාව විසින් මෙම සංක්‍රමණිකයින් සොයා ගැනීම හා මුදා ගැනීම වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා සිට මෙහෙයුම් දියත් කර ඇති අතර ඒ අනුව මෙම පිරිස බේරා ගැණුන බවද එම රොයිටර් වාර්තාවේ සඳහන් වේ.
රබර් බෝට්ටු දෙකකින් යුතුව සැකසූ යාත්‍රාවකින් මෙම පිරිස රැගෙන ගොස් ඇති අතර එම යාත්‍රාව ලිබියාවේ සබ්රාතා නගරයට නාවික සැතපුම් 22 කින් උතුරින් පිහිටි මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී අදාළ නෞකාව විසින් මුදා ගෙන ඇතැයි “ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
වර්තමානයේ මිනිස් ජාවාරම් හි නිරත වන ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස ලිබියාවේ සබ්රාතා ප්‍රදේශය සැලකෙන බවද රොයිටර් වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ජිප්සීස් නායකයා කියන එක බොරු ද ?