(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සළකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන්ය.
එම චක්‍රලේඛය මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිකුරාදත් නිවාඩු නිසා වැඩකරන දවස් 4 උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කරයි නේද අපේ රාජ්‍ය සේවකයින්? ඔය නිවාඩුව අයින් කරන දවසට අයිතිවාසිකම් ඉල්ලලා පාරටත් බහියි.
රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් නැහැ. ඔය චක්‍රලේඛය හොඳින් කියැවුව හොත් සිකුරාදා නිවාඩු දිනයක් වෙන්න තියෙන කරුණු අනුව සිකුරාදා නිවාඩු දිනයක් වෙන්නේ නැහැ. අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අභිමතය පරිදි ඔහුගේ යටතේ ඇති ආයතනවල සේවකයින්ට සිකුරාදා නිවාඩු නොදී සිටිය හැකිය.. සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් නම් සිකුරාදා ඕනෑම ආයතනයක සිකුරාදා පැමිණිම අඩු සංඛ්‍යාවක් වේ. මෙහිදී එවැනි අවස්ථාවක සිකුරාදා දිනය නිවාඩුව දීම කළයුතුයි. 15/2022 චක්‍රලේඛයේ තිබෙන හා රජය අපේක්ෂිත ඉලක්ක හා අරමුණු වෙත ඔය චක්‍රලේඛය අනුව යා නොහැකියි.. වැරැදි අඩුපාඩු රාශියක් තිබෙන එකකි. සිකුරාදා නිවාඩු දිනයක් නොකර දින 5 කාර්යාල පවත්වාගෙන යාම කළයුතුයි.. කාර්යාල වේලාව උදේ 9.30 සිට සවස 3.30 ලෙස වෙනස් කිරීමෙන් එය දිගටම පවත්වාගෙන යාම තුළින් රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. අතිකාල යෙදෙනවා නම් දැනට පවතින කාර්යාල කාලය වන පැය 7.45 සම්පූර්ණ කිරීමෙන් පසුව අතිකාල සඳහා සේවයේ යෙදීමට අවසර දියයුතුයි.. ඉහත කී කාර්යාල වේලාව ක්‍රියාත්මක කිරීමෙන් රථවාහන තදබදය අවම වේ. දුම්රියන්හි තදබදය අවම කරගත හැකිය. අත්‍යාවශ්‍ය ආයතන හඳුනාගෙන ඒ ආයතන චක්‍රලේඛය මගින් දක්වන්න ඕනෑ.