සිකුරාදා බස් වර්ජනයේදී මිහින්තලේදී ගල් ප්‍රහාරයකට ලක් වු හමුදා කෝප්රල්වරයෙකු තවත් සිහි නැතිව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.
ලාන්ස් කොප්‍රල්වරයා නිවාඩු ලබා සිය නිිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇැත
ප්‍රදේශ කිහිපයකකදී ප්‍රහාරයට ලක් වූ ලංගම බස් සංඛයාව එකසිය විසි අටක් බව සඳහන් කරන ඔහුු වර්ජනයදා ලංගම ආදායම සියයට දහයකින් පමන ඉහල ගිය බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් මානසිකත්වය තියෙන මිනිස්සු තමයි ඔය වැඩ කරන්නේ.(හේ)
මේ මනුස්සයාට මොනාහරි වුනානම් කවුද වගකියන්නේ.(හේ)
ගල්ගැහු අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ මයි.(හේ)
ඔක්කොම ප්‍රයිවෙට් බස් කොම්පැනි වල ලය්සන් කැන්සල් කරන්න (බ)
එහෙනම් මොකටද තවත් ඔහේ තියාගෙන ඉන්නේ? කොළඹට එවන්න බැරිද? මතකනේ පසුගිය දවස්වල දුම්රියේදී වැදුණු ගල් පහරක් නිසා අධ්‍යාපන නිලධාරිතුමාට වෙච්ච විපත. (බ)
රටේ ජනතාවට . රජයට කරදරයක් නැහැනේ පුද්ගලික බස්හිමියන්ට වන්දි ගෙවා. බස් වල වැඩ කරන සේවකින් සමග බස් සියල්ලම රජයට අරගත්තා නම්. එක දවසට සියට දහයකින් ලබා තියෙන එකේ (බ)
කාලකන්නි පුද්ගලික බස් රථ හින්දා පාරකවත් ජනතාවට යන්න නෑ. (හේ)
මිහින්තලේට පොඩ්ඩක් උඩින් ඔය සිදුවීම වුණා නම් මෙහේ දේශප්‍රේමීන් උඩපනින හැටි බලන්න තිබුණා. මේ රටේ ජාති, කුලමල භේද මොකුත් නැතුව විනය හා නීතිගරුක බව අන්තෙටම පිරිහිලා තියෙන්නේ. මානව දියුණුවක ලකුණක් පේනතෙක් මානයක නැහැ. (නි)
වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගතයුතුයි. එහිදී පෙන්වන කාර්යක්ෂමතාව මේවා ලිහිලට ගන්න අන්තවාදීන් හට හොඳ පාඩමක් වේවි. (නි)
වර්ජනය කිරීම මානව අයිතිවාසිකමක් නම් ඉන් විපතටපත් මොහුට ඒ අයිතිවාසිකම් නැද්ද? ඔය වර්ජකයෝ මොකද්ද ඒ ගැන කියන්නේ. (නි)
මුලින් ලංගමයට තිබුන තැන නැවත ඇති කරන්න. (ර)
රටේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ. මුලින් ලංගමයට තිබුන තැන නැවත ඇති කරන්න. පේනවා නේද මහජන දේපල පෞද්ගලිකකරණය නිසා සිදුවන විනාශය? (ර)
මේ වගේ දේවල් වලට දැඩිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන (ර)
අමානුෂික ප්‍රහාරයේදී මාරාන්තික තුවාල ලැබූ රණවිරුවා පිලිබඳ ඇයි කවුරුත් කතා කරන්නැත්තේ ? (ර)
ගල් ගහපු උන්ට හොද දඩුවම් දියයුතුය (බ)
මේ වාගේ වැඩ කළ හෝ කරවපු අය සමග ජනාධිපති සාකච්ඡා කළ එකත් සදාචාරාත්මක නැහැ. දඩය නම් අඩු කරන්නම එපා.. බස් ගෙදර තියන් කුඹුරු හාන්නයැ, (හේ)