IMG-LOGO

සිකුරිටි සින්නතම්බිට අවුරුද්දයි

2016-05-27-ent-145

අසෝක සෙනරත් මුදලිගේ විසින් නිර්මාණය කළ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය නිර්මාණයට මේ වන විට වසරක් පිරී තිබෙනවා. ඒ නිමිතෙන් අසෝක සෙනරත් මුදලි අප හා කළ කතාබහකි මේ,

"මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉසිපතන මහ විදුහලෙන්. පාසලේ ඉගෙන ගන්න කාලෙ නාට්‍ය අංශයට යොමු උනේ පාසලේ ඉගැන්වූ උපාලි අත්තනායක ගුරුතුමා නිසා. සංගීතය පැත්තට යොමු වුණේ පාසලේ සංගීත ගුරුතුමා වූ සරත් දසනායක මහතා නිසා.

2016-05-27-ent-146මුලින්ම පාසලේ අවසන් අදියරේදී කිරුළපන ප්‍රසිද්ධ එළිමහන් වේදිකාවේ නාට්‍ය රචනා කරලා ඒවා අධ්‍යක්ෂණය කළා. මම කිරුළපන නාට්‍ය රඟදක්වන විට ඒ ළඟම ගම වන කළුබෝවිල අතුල රන්සිරිලාල් , ඊළඟ ගමේ වැල්ලවත්ත නිශාන්ත අල්විස් අප තිදෙනා තරගෙට වගේ නාට්‍ය පෙන්වුවා. නිහාල් සිල්වා (අප අතරින් නැසී ගිය ජනප්‍රිය නළු) සරත් පීරිස්, සංජය ලීලාරත්න, දයාරත්න රටගෙදර, කරු අතුකෝරල, සුනිල් සමරකෝන් යන අය එළිමහන් වේදිකාවේ මුලින්ම මගේ නාට්‍යවල රඟපෑවා. මගේ එළිමහන් වේදිකා නාට්‍ය වුණේ "එකෝමත් එක රටක", "කුම්භඝෝෂක චරිතය", "කැකුළි" "දේශද්‍රෝහියේ". ඒ වගේම තවත් නාට්‍ය ප්‍රසිද්ධ වේදිකාවට සුදුසු පරිදි නිර්මාණය කළා. දැන් වගේ නෙවෙයි ඉස්සර වෙසක් බලන්න මිනිස්සු දවස් 7ක් යනවා. දැන් කාලේ වෙසක් මුල් දවසෙන් සෙනඟ නැහැ. ඉස්සර තොරන් සේවය කියල බස් පවා දාල තිබුණා. අපි ඒ දවස්වලට නාට්‍ය දවස් තුන හතර පෙන්නනවා. පාර පුරාම සෙනඟ.

නිහාල් සිල්වා, සරත් පීරිස් මගේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක මුල්වරට රඟපාල ජනප්‍රිය වුණා. ඒ %මෙහෙව් රටේ^ නාට්‍යයෙන්. ඉන්පස්සෙ ප්‍රසිද්ධ වේදිකාවට කළා "නායකයා" කියලා නාට්‍යයක්. එහි සංජය ලීලාරත්න, කරු අතුකෝරල, හිටපු ඇමති ජීවන් කුමාරතුංග, ආශා සේපාලිකා, මෙලනි අසෝකා යන අය රඟපෑවා. ඉන්පසුව මේ වන තෙක් මම නාට්‍ය 14 ක් නිර්මාණය කරලා තියෙනවා. "සැරද යමලෝපති", "දේශද්‍රෝහියෝ", "සිකියුරිටි සින්නතම්බි", "ඇනකොන්ඩා", "සාජන් සින්නතම්බි" මෙන්ම තවත් නාට්‍ය මා විසින් . රචනාකොට අධ්‍යක්ෂණය කළා. මේ හැම තැන් වලදිම මා නවකයන් වේදිකාවට මුදාහැරියා. ඒත් අද ඇතැම් අය ඒවා අමතක කර, බොරු බේගල් ඇදබාමින් කලාවේ නිරත වී සිටිනවා.

මම 1994 සිකියුරිටි සින්නතම්බි නාට්‍ය කළේ නිහාල් සිල්වාට උපහාරයක් ලෙසටයි. එහි පාලිත සිල්වා ප්‍රධාන භූමිකාව රඟපෑවා. නිහාල්ගේ "සාජන්ට් නල්ල තම්බි" ඔහුගේ වියෝවෙන් පසුව පාලිත නැවත වරක් මුල්වරට රඟපෑවේ මේ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය‘යේ. වසර 20කට පසු ඉදිරිපත් කෙරෙන මේ නාට්‍ය‘යේ එදා රඟපෑ නළු නිළියන් අතරින් මෙලනි අශෝකා, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චි, J.A. කරුණාරත්න එම චරිතම රඟපෑම මෙහි තවත් විශේෂත්වයක්.

1994 දී මෙම නාට්‍යය රට වටා දර්ශන වාර 300- 400 රඟදැක්වුවා. අද ඇතැම් අය වසරක් පුරාවත් දර්ශන වාර 50 ප්‍රදර්ශය නොකර එකපාරට 100 වන දර්ශනය කියලා ප්‍රචාරයක් දෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ. අපගේ නාට්‍ය කණ්ඩාමේ නළු නිළියන් ගත්තොත් දීපාල් සිල්වා වසර 15කට පසු ආයෙත් මේ නාට්‍යයේ රඟපෑමට එක්වුණා. ඔහු හරිම කාර්යබහුලයි. මොකද ඔහුගේ දැන් ප්‍රධාන වෘත්තිය වෙලා තියෙන්නේ රඟපෑමට වඩා ගායනය. ඔහු අපට සිටින අංක එකේ ගායකයෙක්. ඔහු මගේ මේ නාට්‍යයට සම්බන්ධ වෙනාකොට කිව්වා &අසෝක මට සංගීත වැඩසටහන් තියෙනවා, ඒවත් එක්ක බෙදාගෙන නාට්‍ය කරමු. මම ආසයි මේ නිර්මාණයට* කියලා. නාට්‍යයට වසරක් සපිරෙන මොහොතේ දර්ශන 40ක් පමණ අප රට වටා ගෙන ගොස් තිබෙනවා. අනික් තැනැත්තා තමයි ජීවන් හඳුන්නෙත්ති.

"මට මේ නාට්‍ය‘යෙන් සල්ලි උපයනවට වඩා අවශ්‍ය වෙන්නෙ මේ නාට්‍යයෙන් කියවෙන පණිවුඩය ජනතාව අතරට ගෙන යන්නයි. එනම් ජාතිභේදයකින් තොරව අපි සැවොම රටේ සහෝදරයන් වගේ එකට ජීවත් වෙමු කියන පණිවුඩයයි"

 



අදහස් (0)

සිකුරිටි සින්නතම්බිට අවුරුද්දයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 436 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site