ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට අතරට තේරි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සුබ පැතීය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම සමග අද (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති සිය සුබ පැතුම් පිරිනැමීය. 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්යය ලංකාවට ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.
සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාර මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුටද ජනපති ස්තුති කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුවූ ගාමිණී දිසානායක මහතාගේ පුත් වත්මන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.
(ඡායාරූප - සුදත් සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි.මේ පාර අපේ කොල්ලේ කප් එක ගේනවාමයි.(හේ)
හොඳ වැඩක් (නදී)
මෙසේ කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ධෛර්යය වැඩිවෙනවා (නි)
ඇත්තටම හොඳ දෙයක්! (නි)
ටීම් එක යන්න කලින් උන්ට වචනයකින් සුබ පැතුවේ නෑ. ඉස්සරනම් මුළු ටීම් එකම අරලිය ගහ මැදුරට ගෙනල්ල කෑම වලින් සංග්‍රහ කරලා පිරිත් කියවල යැව්වේ. (නදී)
අපි දැක්ක ටීම් එක අවසන් තරඟෙට ආවම බලන්නත් ගියා . එයාගේ කරුමෙ රට පිටින්ම ගියේ නේ...ද ? එක එකාට කඩේ යන්නේ නැතිව අදහස් දාන්න පුරුදු වුනොත් තමා හොඳ. (ස)
ටීම් එක පසුගිය දෙසැම්බර් ඉදල හිටියේ නිව්සීලන්ඩ් වල. වොර්ල්ඩ් කප් පටන් ගත්තේ පෙබරවාරි 14. දැන් තමා සුබපැතුම් ඕන වෙලාව. අපෙනුත් සුබපැතුම් !!! (ස)
ඇත්තටම හොඳ දෙයක් ජනපතිතුමනි සුබපැතුම් මගේ සිංහ පැටවුන්ට (බ)
මේ පාර එහෙනම් කප් එක ගනී නේද නන්දික.(හේ)
ලංකාවේ අභිමානයට හදවතින්ම සුභ පැතුම්.(හේ)