වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතයේ ශරීර සුවතා මංතීරුව කඩා විනාශ කර දැමූ අය ලවාම මසක් ඇතුළත පිළිසකර කරවන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.
මෙම මංතීරුව කඩා ඉවත්කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිවෙකුටත් අවසර දී නැති බවත් එය අමාත්‍යාංශයට හෝ ඊට අනුබද්ධ ආයතනයක අවසරය මත සිදු කළ කටයුත්තක් නොවන බවත් කී සභාපතිවරයා මංතීරුව විනාශ කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බවද සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ පවත්වාගෙන යන බව කී සභාපති වරදකරුවන් හඳුනාගත් වහාම ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතය මහජන ගමනා ගමන කටයුතු සඳහා යොදාගැනීමට අවසර ඉල්ලා සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා යොමු කර තිබූ ලිපියකට අනුව ඊට අදාළ ඉඩම් හිමියන්ගේ එකඟත්වය මත ඒ සඳහා කටයුතු කිරීමට අවසර දී ඇතත් එම කොටස ඇළ රක්‍ෂිතයට අයත් බැවින් එහි වැඩිදියුණු කිරීම් නොකරන ලෙස ද දැනුම් දී ඇති බව සභාපති සඳහන් කළේය.
ශරීර සුවතා මංතීරුව කඩා ඉවත්කිරීම නීති විරෝධී අයුරින් සිදුකළ බව එය කාටත් හොර රහසේ මහ ? සිදුකිරීමෙන්ම පැහැදිලි වන බව ද අසේල ඉද්දවෙල මහතා කීවේය.
සභාපති මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හරින් මහත්තය කියන විදියට ඕව ගමනාගමනයට බාදාවක් නේද? මහින්ද මහත්තය කොමිස් ගහපු නිසා කලා කියල ජෝන් මහත්තය කිව්වේ...අතින් වියදම් කරගෙන නම් ඕව හදන්න එපා මහත්තයෝ.....(කෞ)
ඇමතිලා දෙන්නෙක් මාධ්‍යයට පැහැදිලිවම කිවුව නේද මේක කැඩුවේ අලුත් නිවාස යෝජනා ක්‍රමයකට පාරක් හදන්න කියල, ඒවගේම එ්ක කඩන්න අවසර දීල තියන බව? ඒ අැමැතිලම කිවුව නේද ඔය ඇවිදින මංතීරුව නීති විරෝධී කියල? දැන් පේනවා නේද යහපාලන අැමැතිලගේ යහපාලනයේ තරම සහ කලින් කරපු සංවර්ධනය ගැන තියන ඉරිසියාවේ තරම? (බ)
ඕක කලේ වෙන කවුද කියල කවුරුත් දන්නවා (අ)
බ්ලු රිජ නැව ඇතුලට ගන්න තමා මංතීරුව කැඩුවේ නැව ගියාම නැවත හදනවා ඕක තමා තත්වේ (බ)
චණ්ඩිකම් යළි මතුවෙලා. වහාම අත්අඩංගුවට ගතයුතුයි. (නි)
එ්ක තමා වෙන්න ඕනෑ. කඩපු අයටම කියලා හදවන්න. යහපාලනේ කියලා කාටවත් පිස්සු නටන්න දෙන්න නරකයි (නි)
ඔයා කතා කරයි .කිසිම දෙයක් වෙන්නෙ නෑ. හැදුවොත් අපේ සල්ලි වලින් තමයි. (ර)
කඩපු අයට නඩු දාන්න. මේ කපේදී වෙන්නේ නැති දේවල්. ඕව හොදයි කොන්ඩේ බැදපු චීනෙක් හොයල කිවුව නම්. දැන් තියෙන්නේ යහපාලනේ. (බ)
නියමයි. මහජන මුදලින් නොව ඔහුගේ මුදලින්ම පිළිසකර කරවිය යුතුය. (නි)