IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'ස්කූබි'ට හඬ දුන්න අතුල

2016-05-19-ENT-31

මේ දවස්වල සිරස නාලිකාවේ විකාශය වන "මේ ආදරයයි" නාට්‍යයේ මිහිර්ට සහ හිරු TV හි ජෝදා අක්බර්හි අක්බර් චරිතයට හඬ කවන ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශය වන දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍යයේ හද්‍රජිගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන අතුල ජයසිංහ සමඟයි හදසර මේ කතා බහ.

 

2016-05-19-ENT-35කොහොමද අතුල වැඩකටයුතු?

ඉතාම කාර්ය බහුලයි. හැබැයි සතුටින් සියලු කටයුතු කරගෙන යනවා.

 

කොහොමද ඔබ කලාවට යොමු වුණේ?

මගේ ගම අනුරාධපුර තඹුත්තේගම. එතකොට මම 1999 අග භාගයේදී තමයි ජාතික තරුණ සේවා සභාවට ආවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාව හදාරන්න. ඊට පස්සේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝ තාක්ෂණය හැදෑරුවා. මම කොළඹ ආවේ නාට්‍යකාරයෙක් වෙන්න. ඒ වෙනකොට මට තේරුණා නාට්‍ය හා රංග කලාව සිනමාව රූපවාහිනිය සහ ගුවන් විදුලිය මේ විද්‍යුත් මාධ්‍ය හැමදෙයක්ම එකට බැඳිලා තියෙන්නෙ කියලා. 2002 දී මට සිරස ආයතනයට සම්බන්ධ වෙන්න ලැබුණා. නමුත් මම ඉගෙනීම් කටයුතු කළා දිගටම.

 

ඔබ සිරසට සබ්න්ධ වුණේ?

මම 2002දී වැඩසටහන් සහය අධ්‍යක්ෂවරයකු විදියට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා හඬකැවීම් අංශයට සම්බන්ධ වෙන්න. 2004දී සිරස ආයතනයෙන් ස්කූබී ඩූ කාටුනය කරන්න හඬ පරීක්ෂාවක් යවනවා අමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් කියන ආයතනයට. එතකොට එතනදී තමා මගේ කටහඬත් ගාමින් ප්‍රියවිරාජ්, තමාලි නානායාකාර, සිතාරා පවිත්‍රානි කියන ශිල්පීන්ගේ හඬ අනුමත කරලා තිබුණේ. ඉතිං ඒ හරහා තමයි ස්කූබි ඩූ වලට සම්බන්ධ වුණේ. ෂැගී කියන චරිතයට මම සම්බන්ධ වුණේ එහෙම. ඊට කලින් මම පොඩි පොඩි චරිත කිහිපයක් කළා. ප්‍රධාන චරිතයක් මට ලැබෙන්නේ ෂැගී චරිතය ඔස්සේ. ඒ ආපු ගමන්මග තමා මේ තවම යන්නෙ.

 

හඬකැවීම්වලින් ඔබට ලද අමතක නොවන දෙයක්?

අමතක නොවන අත්දැකීම තමා අමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් ආයතනය ෂැගී කියන චරිතයට මගේ හඬ සුදුසුයි කියලා තෝරා ගැනීම. ඊට පස්සේ ටොම් ඇන්ඩ් ජෙරි කාටුනයටත් හඬ පරීක්ෂණයක් කළා. එතනදි මාව සුදුසුයි කියලා ඔවුන් කිව්වා. ඒක තමා මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම.

 

වැඩියෙන්ම ජනප්‍රිය වූ චරිතය?

ස්කූබි ඩූ ෂැගී ගේ චරිතය මේ වනවිට මේ ආදරයයි හි මිහිර් චරිතයත්, හිරු නාලිකාවේ ජෝදා අක්බර්හි අක්බර් ගේ චරිතයත් ජනප්‍රියයි.

 

හඬකැවූ චරිත අතරින් වඩාත්ම කැමති චරිතය?

චරිත දෙකක් තියෙනවා. එකක් සිකුබී ඩූහි ෂැගි චරිතය අනිත් එක ජෝදා අක්බර්හි අක්බර්ගෙ චරිතය.

 

ඇයි ඒ?

ෂැගි කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොකු කුඩා සැවොම ආදරය කළ චරිතයක්. ඒ නිසා ප්‍රතිචාර ඉතාම ඉහළයි. අක්බර් කියන චරිතය ඉන්දියාවේ අධිරාජ්‍යවරයෙක්. විවිධ අවස්ථාවන්වල විවිධ හැඟිම්වල ගනුදෙනු කරන චරිතයක්. ඒකත් ලොකු අභියෝගයක් මට ඉතිං. මම මේ චරිත දෙකටම කැමතියි.

 

හඬකැවීම් ශිල්පය හැදැරීම පිළිබඳ නවකයින්ට මොකක්ද කියන්නේ?

හඬකැවීමත් විෂයක්. තමන්ට හොඳ කටහඬක් තිබුණටම මදි මේක ඇතුළත තියෙන ශිල්පක්‍රම ඉගෙන ගන්න ඕන. මට කියන්න තියෙන්නෙ හඬකැවීම් ශිල්පයට එන්න ඉන්න නවකයින්ට හැදෑරීමක් කරලා එන්න කියලා

 

අපි රංගනය ගැනත් කතා කරමු.

මම කොළඹ ආවේ නළුවෙක් වෙන්න නාට්‍යකරයෙක් වෙන්න. ඒ කාලේ මම ජයලත් මනෝරත්න මහතාගේ කනේරු මල් ඩග්ලස් සිරිවර්ධන මහතාගේ සිහල වංශලා නාට්‍යයෙන් ආලෝක සම්පත්ගේ තනියෙන් විශිෂ්ටයි කියනා නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය හොඳම නළුවා විදියට යෞවන සහ රාජ්‍ය සම්මානයට පවා මම නිර්දේශ වුණා.

ඊට පස්සෙ මම සාරංග මෙන්ඩින් මහතා නිර්මාණය කරපු ගිනි අවි සහ ගිනි කෙලි නාට්‍යයේ තුම්මුල්ලේ පද්මේගෙ මල්ලිගෙ චරිතය, සමනලුන් පියාඹයි කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය වන රණසිංහ කියන චරිතය මම කළා. ඉන් අනතුරුව තමයි දැනට දෙරණ නාලිකාවේ විකාශය වන දේදුන්නයි ආදරේ භදුජි චරිතය මට ලැබුණේ.

 

කොහොමද රඟපෑමට ලැබෙන ප්‍රතිචාර

දැනට මට ලැබිලා තියෙන්නේ හොඳ ප්‍රතිචාර. යහපත් ප්‍රතිචාර තමා දිනෙන් දින මට ලැබෙන්නේ.

 

ඉදිරියට එන්න තවත් නිර්මාණ තියෙනවද?

කරපු නිර්මාණ නැහැ. වීරා කියලා ළමුන් වෙනුවෙන් නාට්‍යයක වැඩකටයුතු ජුනි මාසෙ මුල පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. සාරංග මෙන්ඩිස්ගෙ නාට්‍ය නිර්මාණයක් විරා කියන්නේත්. ඔහු උත්සහ කරනවා ළමා ලෝකයට අහිමි වෙලා යන වීරයෙක් නිර්මාණය කරන්න. මම එහි කරන්නෙ පාරම්පරික ඇත්ගොව්වෙකුගේ චරිතයක්.

 

පොදුවේ දැන් තියෙන කලාව ගැන අදහසක් කිව්වොත්?

මගේ අදහස මැක්සිම් ගෝර්කි අම්මා ලිව්වෙත්, චින්ගිස් අයිත්මාතිව් ගුරු ගීතය ලිව්වෙත් විවිධ කලා ශිල්පින් නවකතාකරුවන් කෙටිකතාකරුවන් සිනමාවේදීන් මේ සියලු දෙනා ඒ කාලෙ යම් කලා කෘතියක් නිර්මාණය කළේ මිනිසුන්ගේ ජනවිඥානයට. මුදලට නිර්මාණ කරද්දී සම්මානවලට නිර්මාණ කරද්දී ඒ තුළ තිබිය යුතු Art මිස් වෙනවා. ඒක දරුණු ඛේදවාචකයක් විදියට මම දකින්නේ. ඒ නිසා නැවත මේ ගැන හිතන්න කියන අදහස මා තුළ තියෙනවා සහ මම යෝජනා කරනවා.

 

පෞද්ගලික තොරතුරු කතා කළොත්?

මම විවාහකයි. මගේ බිරිද අප්සරා ප්‍රියර්ශනි. ඇය වෘත්තියෙන් සංගීත ගුරුවරියක්. මට දූලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 5යි. මානසි ජයසිංහ. පොඩි දුවට අවුරුදු 2යි. ෂෙන්‍යා ජයසිංහ.

 

අනූෂා රණසිංහ

 

2016-05-19-ENT-32

2016-05-19-ENT-33

2016-05-19-ENT-34



අදහස් (0)

'ස්කූබි'ට හඬ දුන්න අතුල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site