වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් රැසක කටයුතු අඩාල වී ඇත.
නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකලපුව රෝහලේ වෛද්‍ය කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති අතර දුර පළාත්වලින් පැමිණි රෝගීන් ආපසු හැරී යන අයුරු දැකිය හැකිය.
බාහිර රෝගී, ප්‍රතිකාර හා බෙහෙත් ලබා දෙන අංශය ඇතුළු සියලු අංශ ක්‍රියා විරහිත නිසා රෝගීහු අපහසුතාවයට ලක්ව සිටිති.
මේ අතර දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු සඳහා පැමිණි බොහෝ පිරිසක් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූහ. ඒ අතර වතුකරයේ ජනතාව බොහෝ පිරිසක් වෙති.
ඡායාරූප - ඉෂාන් සංජීව
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
ඡායාරූප - ජවුෆර් ඛාන්
ජායාරුප - ප්‍රසාද් රුක්මාල්









![20170203_084709_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170203_084709_resized1.png)
![20161130_081511_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20161130_081511_resized_21.png)
![20170203_084834_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170203_084834_resized1.png)
![20170203_085003_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170203_085003_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මට්ටුකරන්න රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපකරුවන් සේ යොදාගැනීම උතුම් වූ වෛද්‍ය වෘත්තියට නිගාවක් නොවෙයිද දොස්තරවරුනේ? (නි)
තව එකක් අමතක වුණා. මේ දොස්තරලා ඉන්දියන් අැම්බුයුලන්ස් සේවයටත් විරුද්ධ වුනා.දැන් එ්කෙන් හොද සේවයක් වෙනවා.මේ දොස්තරලගේ තියෙන්නේ තණ්හාව සහ ඉරිසියාව .(බ)
ඔන්න උසාවි තීන්දුවත් අභියෝගයට ලක්කරමින් මාෆියාව වැඩ ආරම්භ කළා උන් දැන් යස අගේට පුද්ගලික බෙහෙත් ශාලාවල වැඩකරනවා , දුප්පත් මිනිහට මරණය , සල්ලි කාරයට නිරෝගී සුවය , ඉස්සෙලම මුන්ගේ අර තීරුබදු සහන යටතේ ගත්ත කාර් වලට ගල් ගැසිය යුතුය , එතකොට මුන්ට හොඳට රිදෙනවා (බ)
දැන් වර්ජන නිසා ලෙඩුන්ගේ ජීවිතවලට හානි නැද්ද ? වර්ජන කළාට හවසට චැනල් වලට එයි (බ)
මෙතන දුප්පත් ද පොහොසත් ද කියන කතාව නෙවේ තියෙන්නේ කාට වුණත් මේ රටේ ඉගනීමේ අයිතියක් තියෙනවා. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අඩු පාඩු තියෙනවනම් ඒවා නිවැරදි කරලා හොයල බලලා නිසි ප්‍රමිතියකට ගෙන්න රජය දැන ගන්න ඕනේ. නැත්නම් මෙතන තනිකරම පෙන්නන්නේ එක්තරා වෛද්‍ය පිරිසකගේ කුහක කමක් විතරයි. (බ)
රංජන, දොස්තර කෙනෙක් වෙන්න A තුනක්ම ගන්න ඕනේ නැහැ. විශ්වවිද්‍යාලයකට යාමට ඇති මුලික සුදුසුකම් සපුරා ඇති ළමයට අනික් දියුණු රටවලවගේ දොස්තර කෙනෙක් වෙන්න හැකියාව තියනවා. (ර)
1980 දසකයේ මම විස්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ වෛද්‍ය ශිෂ්‍යයෝ හිනා උනා අනෙක් කට්ටියට සටන් කරනවා වැඩ නැතුව කියලා. මොකද එම දවස් වල එයාලට රැකියාවල් හිග නැහැ. මෙයාලට දැන් දැන් තමයි තේරිලා තියෙන්නේ. (ර)
සිල්වා ඔබ කියන දෙය හරි. කාර් වලට නෙමෙයි මුන්ටත් ගල් ගහන දවස ළඟයි (බ)
අදනම් දොස්තරලා ඇත්ත ප්‍රශ්නයකට ස්ට්‍රයික් කරලා..ප්‍රමිතියක් නැති දොස්තරලා ඇවිත්මේ දුප්පත් මිනිස්සුන්ටම තමයි මැරෙන්න වෙන්නෙ.සිල්වලා වගේ අය යන හන්දා නේද චැනල් සෙන්ටර්`තිනේනේ.මෙතන කෑ ගහන්නෙ නැතිව කවුරුත් යන්නේ නැති වුණානම් ඉබේම නැති වෙලා යයි ඒවා (බ)
දොස්තරලට පාඩමක් උගන්නන්න පුද්ගලික බෙහෙත් ශාලා වර්ජනය කරමු .... රෝහල් වලට විතරක් යමු .......(ම)
විදෙස් විද්‍යා විද්‍යාල වල ප්‍රමිතිය පිළිගෙන තිබෙන නිසා ඒවායින් බිහිවෙන උපාධිධාරීන්ව මේ රටේ පිළිගන්නවා. හැබැයි ඒ අයත් විද්‍යා සභාවේ විභාගේ සමත් වෙන්න ඕනෑ. සයිටම් එකේ ප්‍රමිතිය පිළිගන්නේ නැති හින්දා එ්කෙන් පිටවෙන උපාධිධාරීන්ට අර විභාගෙට පෙනී ඉන්න බැහැ. ඕකයි ඇත්ත කතාව. රාජිත ඒ කාලේ මේ සයිටම් එකට විරුද්ධව විශාල හඬක් නැගුවා. දැන් ගොළු වෙලා. (නි)
ඊර්ෂ්‍යාව සහ කුහකකම පිරුණු කොටසක් කරන වැඩ නිසා මහජනයා අමාරුවේ. ඕවා නවත්තන්න පුළුවන් සයිටම් වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාලා දොස්තරලා බිහි කළාම. (නි)
`සයිටම්` එක කිට්ටුවෙන් හොඳ මිනීපෙට්ටි සාප්පුවක් විවෘත කිරීම සඳහා අද හෙටම ටෙන්ඩර් කැඳවීම සුදුසුය! (නි)
මොවුන් දඟලන්නේ ගම්වාසීන් රෝහල් වටලා මොවුන්ට විරුද්ධව නැඟීසිටින තෙක්ද? අහිංසක රෝගීන්ව බිල්ලට ගන්න මොවුන්ට විරුද්ධව ගම්වාසීන් රෝහල් වටලන දවස වැඩි ඈතක නැහැ (නි)
අපරාදේ මේ උදවිය මෙහෙම ඉන්නේ. හවසට චැනල් එකට ගියා නම් ඔය දොස්තරලව යසට හම්බවෙලා නියමෙට ප්‍රතිකාර ගන්න තිබුනා. කෙහේද මේ රටේ මිනිසුන්ට දොස්තරලගේ සටනේ අගයක් නැහැනේ (නි)
ආණ්ඩුව මීට වගකිවයුතුයි. දොස්තරලව වැඩවර්ජනයක් දක්වා ඇදලා දැම්මේ මේ දූරදර්ශී පාලකොයෝ. (නි)
මෙතන නැහැ නේද කාර්යාලයේ සීතල කාමර වල ඉඳගෙන අදහස් දාලා දොස්තරලට බනින වීරයෝ ටික. දුප්පත් මිනිස්සු විතරයි ඉන්නේ. සාමාන්‍ය සාමර්ථ තුනක් ගත්ත ලක්ෂ 120 තියෙන ළමයා දොස්තර වෙනකොට බී තුනක් ගත්ත දුප්පත් ළමයා ගෙදර. (නි)
ළමයි ඉස්කෝලේ දාගන්නත් වැඩ වර්ජන කළා. අන්තිමට බිරිද දාලා ගියා කියලත් වැඩ වර්ජන කරයිද දන්නේ නැහැ. හවසට චැනල් එකට නම් යයි (නි)
දෙගොල්ලන්ට මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්න අපිට තලන්න ඕනෑ මඩු වලිගෙන්. (නි)
ආණ්ඩුව මේවට වගකියන්න ඕනෑ. මෝඩ මිනිස්සුත් ඉන්නවනේ අපේ රටේ. දොස්තරලා කියන්නේ මාෆියාවක්. සල්ලි වලට ඕනෑ වැඩක් කරන අය ඉන්නවා. හොඳ දොස්තරලත් ටිකක් නැත්තේ නැහැ. එ්ත් මේ මාෆියාවත් එක්ක වැඩ කරන්න බැරිවුණාම, එයාලා වෙන රටවල් වලට යනවා. (නි)
මෙන්න නිදහස් සෞඛ්‍ය රකින දොස්තරලගේ කෙරුවාව. දැන් මේ රටේ සල්ලි තියන මිනිස්සු කෝටි ගණන් වලට වාහන ගන්නවා, තව ඕනෑතරම් වියදම් කරනවා. එහෙනම් ඒවත් තහනම් කරන්න. සල්ලි වලින් ඉගෙනගන්න එක හොඳ නැද්ද? උදේ වර්ජන හවස සල්ලි වලට ලෙඩ්ඩු බලනවා. මොවුන්ට ගහන්න ඕනෑ මඩු වලිගෙන්. (නි)