ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමග අද(16) පැවැති සාකච්ඡාව අසාර්ථක බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.
ඒ අනුව ලොතරැයි අලෙවි නොකර අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර හරියටම හරි, ලොතරයියෙන් ජනතාවට වෙන සේවයක් නැහැ. ඉන්දියාවේ චෙන්නායි වල කිසිම ලොතරැයියක් නැහැ. ලොතරැයි නවතාදමා එම පවුල් පලදායි ස්වයං රැකියා වලට යොමු කළ යුතුයි.(ම)
ඔය නියෝජිතකම බලෙන් ඇඟේ ගහලා නෑනේ. එපා නම් අයින් වෙන්න කියන්න. (ර)
අනුර, ලක්විදු, එතාකොට ලොතරියි වලින් එන බදු ගන්න කියන්නේ, අත්‍යවශය දේවල් වලින්ද ? (ර)
මේ මිනිස්සු මෙහෙම වර්ජන කරලා කොහොමද ජීවත්වෙන්නේ. (ර)
මේක තමයි විකුණුම්කරුවන් මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ මුල්ම වතාව (බ)
මම නං ලොතරැයි ගන්නැති නිසා ගැටළුවක් නැහැ. (ර)
ලංකාවේ ලොතරැයි හොදයි. කැසිනෝ හොද නෑ... දෙකම සුදුවක් නේ... (ර)
මහා ජනතාවට අවශ්‍යම දෙයක් නෙවෙයි නිසා කමක් නැහැ. මීට වඩා ප්‍රශ්න මිනිසුන්ට තියනවා. හාල් මිල අහස උසට කොහෙද ලොතරැයි ගන්නේ. (ම)
අපි දවස් හතේම පන්සිල් ගන්න රටක්නේ. ලොතරැයි වගේ අහිංසක සුදුවක් තිබීමේ වරද මොකක්ද? (ර)
මේ දහම් දිවයිනට මොකටද අනේ ලොතරැයි? දන්සල් දොරෙහි නැත දුගියෝ - පන්සල් වලය පුරවැසියෝ - පන්සිල් රකිති මැරවරයෝ -මේ කේතුමතී නුවරයි!! (නි)
රජය කරවන්න මුදල් නැති නිසා රජය දේපල විතරක් විකුණලා නතර වෙන්නේ නැහැ. රටේ මිනිසුන්වත් විකුණන්නයි හදන්නේ. ඒකයි විස්ස තිහ කරලා තියන්නේ. ගැනුම්කරුවොත් අඩුවෙයි. ආර්ථික කළමනාකරණය බින්දුවයි (නි)
මෙවැනි තීරණ ගන්නේ ලොතරැයි මණ්ඩලයේ උගත් අධ්‍යක්ෂකවරු විසින්. ලොතරැයි අලෙවිකරුවන්ට මේ ගැන දැනුමක් තියෙනවද? (නි)
කමනි, මොන සූදුව වුණත් අහිංසක නැහැ. මේ ලොතරැයි ඔක්කොම නවත්වා දැමිය යුතුයි! මේක බරපතල වංචාවක් (නි)
පාරිභෝගිකයා රැකගන්න වර්ජනයක් නොව මෙය, කොමිසන් මුදල වැඩිකර ගැනීමක්. කොමිසන් වැඩිකරනවා නම් මෙයාලට ටිකට් එකක් කීයට විකුණුවත් ප්‍රශ්නයක් නැහැ. මාර පාරිභෝගික ප්‍රේමය! (නි)
අනේ මන්දා ප්‍රශ්න නැතුවට ප්‍රශ්න මේවා (නි)
අපිට නම් ප්‍රශ්නයක් නැහැ. දිනපු මුදල් නොදුන්නත් හැන්දෑවට අශ්වයා ගෝන් ටික් ටික් තියෙනවානේ. ඒවා ආදායම් බදු නොගෙව්වත් ලංකාවේ සමාජ සේවක සේවිකාවන්ගේ වැදගත් ව්යාපාරලුනේ (නි)
අනුර මහත්තයෝ, ඔයාගේ ඔය තර්කය සිගරැට් වලටත් ඔය විදියටම ගැළපෙනවද? (නි)
මේවා බොරු වැඩ. අළෙවිකරුවනුත් ඔය සද්ද දාන්නේ අළෙවිය අඩු නිසා. නැත්තම් මිල වැඩිවුණාම සද්ද දාන මුල්ම අවස්ථාව. දුප්පත් මිනිස්සු ගැන හිතලා මෙතන කිසිදෙයක් වෙන්නෙ නැහැ (නි)
සංජිව මහත්තයෝ, ඔය කියන ලක්ෂ ගානක් මිනිස්සු, විදේශ විනිමය උපයන හෝ විදේශ විනිමය ඉතිරි කරන රැකියාවලට යොමු කළොත් අමුතුවෙන් බදු ගහන්න ඕනෑ නැහැ. රටේ මුදල් සංචිතය වැඩිවෙනවා. ලොතරැයි වලින් වෙන්නේ රටේ මුදල් සංචිතය සංසරණයවීමක් සහ අඩුවීමක්. ජනනයක් වෙන්නේ නැහැ. (නි)
ලොතරැයිය කියන්නේ මධ්‍යම හා දුප්පත් පන්තිය ගසාකන්න හදපු එක ක්‍රමයක්. ඒ නිසා ඕක වර්ජනය කරලා දාලා වෙනත් කරන්න පුළුවන් සුදුසු රැකියාවක් කළයුතුයි. කිසිම විටක පොහොසත් කෙනෙක් ඔය සූදුව කරන්නේ නැහැ. (නි)
ලොතරැයි නවත්තලම දාන්නයි තියෙන්නේ (ම)