(විනීතා එම් ගමගේ / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
නව පත්වීම ලබා සේවය ආරම්භ කරද්දී සමාගම් හිමිකරුවන්ගේ සාක්කුවට වැටෙනවා ද නැත්නම් වැඩ කරන ජනතාවගේ හදවත තුළට වැටෙනවා ද කියා තීරණය කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද(1) පැවැති නවක කම්කරු නිලධාරින් 191 දෙනකුට පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අමතමින් නවක කම්කරු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
තවමත් අර්ථසාධක අරමුදලට දායක මුදල් නොගෙවා සිටින ලක්ෂ දහයකට වැඩි ආයතනවලින් වැඩ කරන ජනතාව වෙනුවෙන් දායක මුදල් අය කර දෙන්නට ප්‍රමුඛතාව දෙන්නැයි ද ජනාධිපතිවරයා කම්කරු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
‘‘ඔබේ ජීවිතයේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න ඔබ යොමුවන්නේ ජාතික වගකීමක් සහිත රැකියාවක් සමඟයි. නව පත්වීම් ලබන ඔබ සතුටින් ඇතැයි සිතනවා. ඔබ සතුටින් සිටියත් අද මේ රටේ එක්තරා පිරිසක් මේ මොහොතේ නොසතුටින් සිටින බව ඔබ දන්නවා ද? ස්වභාවික විපත් ගංවතුර සුළං ආපදා ආදී තත්ත්වයන් තුළ ජීවිත කිහිපයක් විනාශ වෙලා. දේපල අහිමි වෙලා. ඒ ගැන රජය නොසන්සුන් වෙලා කලබල වෙලා ඉන්න වෙලාවක්. ඔවුන් ගේ මේ වේදනාව අපත් හවුල් වී සමනය කළ යුතුයි. රජයක් හැටියට ඒ අයගේ සුබ සාධනයට සියලූ දේ අපි කරනවා. ජාතික ආපදා සිදුවූ සියලූ අවස්ථාවන් හිදී ති‍්‍රවිධ හමුදාව පොලිසිය ඇතුළු නිලධාරින්ගේ සේවය අපි අගය කළ යුතුයි‘‘ යැයි ද ජනපති කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අර බැඳුම්කරේ කට්ටිය වාගේ.
ජනාධිපතිතුමනි ඔය දෙකම ගැන නෙවෙයි මුලින්ම රට ගැන හිතලා හොරු ටික ඇතුලට දාන්න. හොරුන්ගෙන් තොර දේශපාලනයක් බිහි කිරීමේ කටයුත්තට මූලිකත්වය ගන්න.
සමාගම් කාරයින්ගේ සාක්කුවට වැටිලා ඉන්නේ කව්ද? කියලා දැන් මුළු රටම දන්නවා... ඒකනිසා කෙඳිරි ගෑවට වැඩක් නැහැ...!!!
ඔය කියන අර්ථසාධක අරමුදලට දාලා තියන සල්ලිත් යහමින් හොරකම් කරලා තියනකොට තව කොහොමද සමාගම් හිමිකරුවන්ට කියන්නේ ඕකට සල්ලි දාන්න කියලා. අඩුතරමේ සමාගම් හිමිකරුවෝ ජනතාවට රැකියාවක් හෝ සපයලා තියනවා ජීවිතය ගැටගහ ගන්න. මේ කොහෙවත් ඉන්න කම්බ හොරුන්ට ජනතාවගේ මුදල් පූජා කරන වෙලාවේ ජනතාවට සේවයක් කරන හාම් පුතුන්ගේ පොකට් එකට ඒ මුදල වැටෙන එක සාධාරණයි. කටින් වැඩ පෙන්නවන නායකයින්ට වඩා ක්‍රියාවෙන් රටට යමක් කරන ක්‍රියාශීලී නායකයින් රටකට වටිනවා.
පිටිගල මහත්තයෝ, බලය ලැබෙනකම් ඔය පුටුවල ඉන්න අය හිතුවෙත් ඔබ වගේම තමයි.
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කියන්න. ඕස්ට්‍රේලියාවත් මතක්වෙයි.
ඕක අපිට කියන්නේ නැතුව තමුන්නැහේගේ අගමැතිට කිව්වා නම් තමයි හරි...
තමාන්ටම කියා ගන්නවද.. කොහෙද?
අත් දෙකින් බතල හිටවපු අපට කටින් බතල හිටවන මිනිස්සු දැක්කම හිනා යනවා.. අපේ රටේ සමහර දේශපාලකයින්ව දකිද්දී අපි පොඩිකාලේ අපේම යාළුවෝ දෙකට බෙදිලා කරපු හොරා පොලිස් සෙල්ලම මතක් වෙනවා. හොරාගේ පොකට් එකේ සල්ලි ටික පොලිස් කාරයා සෙල්ලමට ගත්තට, සෙල්ලම ඉවර වුණාම අපි දෙගොල්ලෝ හොර සල්ලි ටික බෙදා ගන්නවා.. හැබැයි ඒ අපි විහිළුවට හොරකම් කලේ අර්ථසාධකේ සල්ලි නම් නෙවෙයි.
ජනපතිතුමනි, සේරටම කලින් ඔබතුමා හිතුවොත් නම් හොඳයි...
මලක් වගේ වේවි!!! ඔබතුමා බලන් ඉන්න. එහෙම නම් මෙ ලංකාව නෙවෙයි. වාහනයක් ගන්න, හොඳගෙයක් හදන්න (ආදායමට නොගැලපෙන ජීවිත කාලයක් හදන) හොඳ හෝටලයක් අරගෙන කැමරාකාරයො, කේන්දර කාරයො, නැටුම් කාරයො, කියන විදියට උපරිමව වියදම් කරලා වෙඩින් එක ගත්තම වෙන ණය කන්ද පියවන්න සාක්කුවලට වැටෙන්නම වෙනවා.
සාක්කුව ගැන නොවේ. හිතන්න එ් නිසා පරණ නැව් මිලට ගැනීම් කරලා තියෙන වග...
ඔව්, ඔව්, මේ ගොල්ලෝ වැටුණොත් දේශපාලකයින්ට ඉඩ නැතිවෙයි කියලා බයට වෙන්නැති.
"සාක්කුව ගැන නෙමෙයි හදවත ගැන හිතන්න - ජනපති"' මේ ටික තේරුම් කරලා දියයුත්තේ රටේ සම්පත් විකුණමින් එදාවේල පිරිමහගන්න දඟලන යහපාලන ඇමතිවරුන්ටයි.
පාර්ලිමේන්තුවේ අයත් ඔහොම හිතනවා නම් කොච්චර එකක් ද?