තරිඳු ජයවර්ධන
දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල පිටිය පොලිසියේ තිදෙනෙක් ද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරනු ලැබූහ.
මිය ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුගිය තුන් වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කර තිබේ.
සැකකරු බන්ධනාගාරයට රැගෙන ගිය පසු ඔහුට අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කර ඇති අතර තත්ත්වය යහපත් නොවන බැවින් ඔහු වහා මීගමුව රෝහලට ඇතුළත් කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
ඒ අනුව මීගමුව රෝහලට ඇතුළත් කරද්දී ඔහු මියගොස් සිටි බව මීගමුව රෝහල් ආරංචි මාර්ග කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතා නිගමනය කර ඇත්තේ මිය ගිය සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ තුවාල රැසක් ඇති බවයි.
සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ බහුවිද තුවාල ඇතිවීමට හේතුව සොයා මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම නීති අහිංසක දුප්පත් ජනතාවට පමණයි, මෙහෙමත් රටක්, මෙහෙමත් නීතියක්. අපේ රට කවදා දියුණු වෙයිද මන්දා
ආරක්ෂක අංශවල නිල ඇඳුමෙන් ඉන්න මිනීමරුවන්ගේ අපරාධ ගැන ආරංචි නොලැබෙන දවසක් නැති තරම්. හැබැයි, දේශපාලන ඇහෙන් මේ දිහා බලන අයට මේ අපරාධකරුවන් වීරයන් හැටියට පෙනෙන එකයි නරක.
මේවගේ කාලකන්නි වැඩ සියගණනක් අපේ රටේ වෙලා තියෙනවද? නමුත් මේවාට තිත තියන්න සාර්ථක පියවරක් තවමත් අරගෙන නැහැ. හූනා කියන්නා වගේ කියන්නම් තව ටික දවසකදී මෙයාලා නැවත සේවයේ පිහිටවනවා.
අප දන්නා තරමින් පොලිස් සේවයේ වරින් වර දෙවිවරුන් වැනි මහත්වරුත් සේවය කළා. එන්න එන්නම පොලිස් සේවය තිරිසන් තත්ත්වයට පත් කළේ පාතාලය සමඟ දීග කෑ පාහර දෙශපාලුවොයි. පොලිසිය නොදන්නවා නොවෙයි සොරකම් කරන්නේ දුප්පත් මිනිසුන් පමණක් නොවෙයි කියා. එක තක්කඩි දෙශපාලුවෙක් මොහොතකින් වංචනිකව උපයන මුදල මුළු රටේම ඉන්න දුප්පතුන් සියලු දෙනාම එක්වී හොරකම් කළත් ඊට වඩා සිය දහස් ගණනකින් වැඩියි. අවාසනාවකට වගේ උසස් වීම හා පටි ලබා ගන්න මෙතෙක් පුළුවන් වුනේ දුෂිත දෙශපාලුවන්ට කඹුරලා බව දන්නා සමහර පොලිස් නිලධාරීන් සේවය හරියට කළා කියල පෙන්වන්න රු .1000ක් වැනි මුදලක් සොරකම් කළ තැනැත්තාව පවා සම්භාහනය කර ඇඟේ හිරි ඇර ගන්නවා. රජයේ නම පිරිසිඳු කර ගැනීමට නම් දැන් කළ යුත්තේ "යහපාලනය" කියන විශේෂණ පදය මින් මතු භාවිතා නොකිරීමයි
දිනෙන් දින මෙම රට කිසිම නීතියක් නැති වනචාරී යුගයට යමින් පවතී. පුද්ගලයෙකු කරන වරදකට දඬුවම් නීතියෙන් දක්වා ඇත. වරදක් කල බව තහවුරු කරගැනීමේදී එම පුද්ගලයා මිය යන තුරු පහරදීම නිරායුද මිනිසුන් ඉදිරියේ වීරයින් වීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පමණක් නොව තම රෝගී මානසිකත්වය විදහා දැක්වීමකි. පහරදෙන මිනිසුන් යැපෙන්නේද පහරකන මිනිසුන් ගේ බදු මුදල් වලිනි.
අධිකරණයෙන් සාධාරණ නඩූ විභාගයකින් පස්සේ වරදකරුවන් වන දරුණු අපරාධකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණත් පුංචිම පුංචි වැරදි වලටත් දුප්පත් මිනිසුන්ට නිල නොවන මරණ දඩුවම ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණකි. තමන්ට වෙන අසාධාරණයට හඬක් නගන්න ශක්තිය නැති මෙවන් මිනිසුන් වෙනුවෙන් බලපෑම් වලට යටත් නොවී සාධාරණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වපු වෛද්‍ය නිලධාරීතුමාට උපහාරය.