ගිනි අවි දෙකක් හා නීති විරෝධී පිහි දෙකක් ළග තබාගෙන සිටි අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බව කියන සැකකරුවකු ජා ඇල කණුවන දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
සැකකරු පදිංචි නිවසින් පිටතට පැමිණි අවස්ථාවක ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු සතුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, උණ්ඩ 50ක් හා හෙරොයින් ග්‍රෑම් 26ක් තිබූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන පොලිසියට සැක හිතෙන්න කොපමණ කාලයක් ගියාද දන්නේ නැහැ. මිනිහා කීයටවත් ඇමති කෙනෙකුගේ ඥාතියෙක් නම් වෙන්න බැහැ. (නි)
එහෙනම් පොලිසිය වහාම සැකකරුගේ අත් දෙක පිටුපසට තබා මාංචු දමන්න. මන්ද අපි දුටුවා පසුගිය කාලයේ පොලිසියෙන් කී සුරංගනා කතාවන්..... ඔවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගත්පසු ඉණ අස්සෙන් හරි කොහෙන්හරි ආයුධයක් ඇදලා අරගෙන පොලිසියට වෙඩි තියන්න හැදුවා, පොලිසිය පෙරළා ඔහුට වෙඩි තියලා මැරුනා කියා. ඉතින් අර විදියට කළාම ප්‍රශ්නයක් නැහැනේ (නි)