ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ග්‍රෙනඩාවේ ක්වීන්ස් පිටියේදී පැවති පළමු නිල නොවන එක්දින තරගයේදී කඩුලූ 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉරිදා (23 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් සමන්චිත (නිල නොවන) එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම 1.0 ක් ලෙස ඉදිරියෙන් සිටී.
ජයග‍්‍රහණය සදහා ලකුණු 282ක ඉලක්කයක් හඹා යමින් සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ කඩුලූ 6 ක් ලකුණු 223 කට බිඳ වැටී අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියදී පන්දු 17 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 51 ක් ලබාගත් සීක්කුගේ ප‍්‍රසන්න තම පිලට ජය මාවත විවරකර දුන්නේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 285 ක් ලබා ගන්නා විට තරගයෙන් පන්දු 20 ක් ඉතිරිවී තිබිණ. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර කඩුලූ 9ක් දැවී ලකුණු 282ක් රැස් කර ගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 113කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 106 රැස් කළේය. නර්සින් ඩිනොරින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 60ක්ද, කර්ක් එඞ්වඞ්ස් ලකුණු 57ක් ද රැස් කිරීමට සමත් වූහ. සුරංග ලක්මාල් ලකුණු 45 ක්දී කඩුලූ 3ක් දවා ගත්තේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ජයග‍්‍රහණයේ පදනම දැමූ දිමුත් කරුනාරත්න හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 89ක්ද, නිරෝෂන් දික්වැල්ල පන්දු 56කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 61 ක්ද ලබාගත්හ.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල කඩුලූ 9ක් දැවී ලකුණු 282
(ලෙන්ඞ්ල් සිමන්ස් 106, නර්සින් ඩෙනොරින් 60, කර්ක් එඞ්වඞ් 57, සුරංග ලක්මාල් 45/3, ලහිරු ජයරත්න 54/2, දිල්රුවන් පෙරේරා 49/2)
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 287
(දිමුත් කරුනාරත්න 89, නිරෝෂන් දික්වැල්ල 56, සීක්කුගේ ප‍්‍රසන්න නොදැවී 51, නිකිතා මිලර් 51/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රසන්න දිගටම උත්සහ වන්න ඉදිරි තරගවලත් දස්කම් දක්වන්න, ඔබට ජය ! (අ)
ප්රසන්න දක්ෂ ක්‍රීඩකයෙක්,අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වෙයි කවදාහරි. "ඒ" කණ්ඩායමේ තරග වලට ක්‍රීඩා කරලා තවත් අත්‍දැකීම් ලබාගන්න එක ගොඩක් වැදගත් ,මගෙන් ඔබට සුබ පැතුම් !!! (නි)
සික්කුටත් වැඩිය දක්ෂ අය තවමත් එළියේ ඉන්නවා (නි)
කණ්ඩායමට අපේ සුබ පැතුම්! (නි)
අපේ පාරක් ගහන්න බැරි කට්ටිය වෙනුවට සීකුගේ කණ්ඩායමට ගත්තොත් නරකද? (නි)
ශක්තිමත් කණ්ඩායමක් ප්‍රහාර එල්ලකිරීමත් හොදයි.(නදී)
එස්.එල්.පී.එල් එකෙත් වැඩ පෙන්නුවා. ඒත් එක ලකුනක්වත් ගන්න බැරි අය කණ්ඩායමේ ඉන්නවා. ඉතින් අයෙත් මොන දිනීමක්ද?(නදී)
සීක්කුගේ ප්‍රසන්න ජාතික පිලට එන්න ඕන කෙනෙක් ....දැන්වත් අවස්ථාවක් දෙනවනම් හොඳයි (අ)
අපිට වැටහුනා මොහු කණ්ඩායමට අවශ්‍ය කෙනෙක් කියලා. (ස)