මීට වසර 12කට පමණ පෙර කොළඹ අලුත් හෙට්ටිවීදියේ දී හෙරොයින් ග්‍රෑම් 63 ක් ළඟ තබා ගත්තැයි අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.
මොහොමඩ් නිෂාම් හා මෙහොමඩ් රිස්මි එලෙස නිදහස් කෙරුණේ පොලිසියේ සාක්කි පරස්පර නිසාය.
පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එම වැටලීමට නායකත්වය දුන් නිලධාරියා සාක්කි දෙමින් කීවේ වැටලීමට කාන්තා පොලිස් කොස්තාපල්වරියක නොගිය බවයි.
විත්තියේ නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකු සාක්කි දෙමින් කීවේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක වැටලීමට ගිය නමුත් ඇය වාහනයටම වී සිටි බවයි.
සාක්කි පරස්පරවීම මත සැකකරුවෝ මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ලොකු සැකයක් දැනෙනෙව. මහා පරිමාණ මත්කුඩු සැකකරුවන්ටත් සාක්ෂි පරස්පර වේවි කියල. කොහේ හරි මේ අය ආරක්ෂා කරන සහ තවමත් ව්‍යාපාරය කරගෙන යන අය ඉන්න බව පෙනෙනවා. මොනවා වුනත් මේ කරන එවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට හත්මුතු පරම්පරාවටම අපේ මේ අහිංසක දරු පරපුර විනාශකිරීමේ හේතුවෙන් හෙනම ගහන්න ඕනේ !!මෙය හදවතින්මයි ප්‍රකාශ කරන්නේ. (බ)
සාක්කි පරස්පර විරෝධී කියන්ට අවුරුදු දොළහක් ගියාද ? මේක ලෝක වාර්තාවක්ද දන්නේ නැහැ. (නදී)
ඔන්න බිස්නස් කරන නිවැරදි ක්‍රමය (බ)
මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ මෝඩ තීන්දුවක් මිසක් මොලයක් තියෙන විනිසුරු වරයෙක් දෙන තීන්දුවක් නොවේ. අනේ අපේ රටේ අධිකරණයට ගිය කල. 01) අවුරුදු දොළහක් තිස්සේ මෙම නඩුව ඇදගෙන කෑම අධිකරණය කරන්න වූ බරපතල වරදක් නොවේද? 02) වැටලීමට නායකත්වය දුන් නිලධාරියා කියා ඇත්තේද සත්‍යකි, එනම් කාන්තා කොස්තාපල් වරිය "වැටලීමට" සහභාගී නොවූ බවයි. 03) පොලිස් සැරයන් වරයා කියා ඇත්තේද සත්‍යකි, එනම් කොස්තාපල්වරිය ඔවුන් සමග "පැමිණි " බවත්, ඇය ජීප් රථයට වී සිටි බවත්ය. 04) විනිසුරුවරයා තම වලිගය පාගා නොගෙන, තේරුම් ගත යුතු වැදගත්ම කාරණය නම්, ජීප් රථයට වී සිටීම කිසිසේත්ම "වැටලීමක්" නොවන බවයි. කෙනෙකු ජීප් රථයට වී සිටීම "වැටලීමක්" නම් , මේ රටේ සියලු "වැටලීම්" සදහා පොලිසියට කලයුතු වන්නේ ජීප් රථවලට වී සිටීමය. "වැටලීමක්" යනු එයට හාත්පසින් වෙනස් වූ ක්‍රියා මාර්ගයකි. 05) අවුරුදු දොළහක් ඇදී ගිය මෙම නඩුවේ සාක්කි කාරයන් සිදු වූ හැම දෙයක්ම ( වැටලීමට යනකොට දවල්ට කාලද ගියේ? , යන්න ඉස්සෙල්ල චූ කරලද ගියේ?, ජීප් එකේ ටයර්වලට හුලන් ගැහුවද නැද්ද? ) මතක තියාගන්න නම් සාක්කිකාරයා කොම්පියුටරයක් විය යුතුය, නැත නැත , කොම්පියුටරයක් උවද අවුරුදු දොළහක් කිසි සේත්ම නොපවතී. 06) රටේ මහජන මුදල්, නිලධාරීන්ගේ කාලය සහ රටේ සම්පත් අවුරුදු දොළහක් කාබාසිනියා කොට, අවසානයේදී විනිසුරුවරයා විසින් , කැකිල්ලේ බ්‍රෑන්ඩ් තීන්දුවක් ප්‍රකාශ කොට ඇත. අහෝ ! රටට ගිය කල. 07) පොලිස් නිලධාරීන් වෙහෙස වී අල්ලා ගත් කුඩු කාරයෝ කල වරද , විනිසුරුවරයාට තම නැට්ට පෑගීම නිසා, කොස්තාපල්වරිය ජීප් රථයේ සිටීමේ "වරදට" යට විය.. 08) කුඩු කාරයෝ දෙදෙනා තම පස්ස පැත්තෙන් හිනා වේවි, අධිකරණය දෙසට හරි පඩයක්ද ඇර ගෙදර ගිය විය යුතුය. 09) වරද කවුරු කළත් වරදමය. විනිසුරු වරයකු වරදක් කළ විට, අප නිහඩව සිටීම, එම වරදම තව තවත් කිරීමට අප අනුබලය දීමකි. එම වරදට එරෙහිව හඬ නැගීම අධිකරණයට කරන අපහාසයක් නොවේ, එය අධිකරණයේ සත්‍යවාදී බව රැක ගැනීමට අප කරන්නා වූ උදව්වකි. (බ)
වරදක් උනත් සිතකින් නොවේ (ම)