ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට සාක්කි තිබියදී විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේ ඇයිදැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ අද ප්‍රශ්න කළහ.
මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුහු ඒ බව කීහ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, නීතීඥ ලක්ෂාන් ඩයස්, නීතීඥ උදුල් පේමරත්න, ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූහ. මිය ගිය සුමිත්ගේ බිරිය ද පැමිණ සිටියාය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය මුලින් කිව්වේ රිය අනතුරක් කියලයි. එය මිනී මැරුමක් බව දැන් තහවුරු වෙලා තිබෙනවා. සේයා දැරියගේ ඝාතනය අවස්ථාවේ කිසිදු සාක්කියක් නැතිය පොලිසිය පාසල් සිසුවකු හා එක්දරු පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන පහර දුන්නා. ඇඹිලිපිටිය සිද්ධියෙදි ඇසින් දුටු සාක්කි පවා තිබිය දී සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේ නෑ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිට ලබා දුන් වාර්තාවේ පැහැදිලිව තබෙනවා පොලිසියේ ක්‍රියාකරකම් නිසා තමයි සුමිත් මියගියේ කියා. ඒ වගේම පොලිසිය සත්‍ය තත්ත්වය විකෘති කර තිබෙන බවත් එහි සඳහන් වෙනවා.
පොලිසිය මේ ඝාතනයට සම්බන්ධ බවට සාක්කි ලැබෙද්දි පොලිසිය විමර්ශන රහස් පොලිසියට පැවරුවා. අවසන් මොහොතේ ඇයි රහස් පොලිසියට පැවරුවේ.? ආණ්ඩුව මේ සිද්ධිය ගැන ප්‍රකාශයක් කළ යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි. බලාගෙන ඉන්න.(හේ)
බලන් ඉමු මොකද වෙන්නේ කියලා.(හේ)
සාක්කි තියෙද්දී ඇයි මේ පොලිසියේ අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න නොකරන්නේ.(හේ)
මේකද මේ වෙලා තියෙන්නේ.(හේ)
මෙය පොලිසියට ලොකු කැලලක්.(හේ)
ඇයි සාක්කිත් තියෙනවා නම් සැකකරුවන් නීතිය හමුවට ගෙන්නේ නැත්තේ.(හේ)
සාක්කි තිබෙද්දී ඇඹිලිපිටි ඝාතකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
මේක ගැන කතාකරන්කොටත් ඇගේ ලේ පිච්චෙනවා.කාගේ බලයක්ද මේ රජ කරන්නේ. අහිංසකයෙක් දෙනෝදාහක් ඉදිරියේ මරල දාල. ඇහින් දුටු සාක්ෂි තිබියදී , නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි හේතුව මොකක්ද. (ර)
ඇත්තටම ඔය නීතිඥ මහත්තයට මොලේ අමාරුවක්ද.මේක කළේ පොලිසියනේ.කපුවා දේවාලේ පැහැරුවාට ගද ගහන්නේ නැහැ කියනවනේ. (බ)
නීතිය සැමට එක හා සමාන නෑ. මේක තමයි යහපාලනය (බ)
එහෙම අත්අඩංගුවට ගත්තොත් ලංකාවේ සම්ප්‍රදාය බිඳ වැටෙනවනේ, සාක්කි නැතුව ගන්න එකනේ ක්‍රමේ (බ)
දේශපාලන බල අධිකාරිය නිසයි.(හේ)
වගකිවයුත්තන් ඇයි මේ ගැන නිශ්ශබ්ද? (නි)
යහපාලනයනේ.(හේ)
අපිට මේ වගේ දෙයක් වුණාමත් ඔය වගේම තියෙයි.(හේ)
කාලය මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙයි. ඉන්නකෝ ටිකක් ඉවසලා.(හේ)