නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත 18 වෙනි දකුනු ආසියානු සාක් සමුලූවට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම සඳහා නේපාල විදේශ අමාත්‍ය මහේන්ද්‍ර බහදුර් පැන්ඩි මහතා කටුනායන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී විදේශ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් දරශන පෙරේරා මහතා විසින් ඔහු පිළිගත්තේය.
නේපාල ජනපති සුශිිල් කොයිරාල මහතා විසින් ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත 18 වෙනි සාක් සමුළුවට සහභාගී වන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කරන ලද ආරාධනය රැගෙන ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අතර අද සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එය බාරදීමට නියමිතය.
18 වෙනි සාක් සමුලූව එළඹෙන සැප්තැම්බර් මස 22 සිට 27 වෙනිදා දක්වා නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වේ.
සාක් සාමාජික රටවල් වන මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, බංගලි දේශය, පකිස්ථානය ඇෆ්ගනිස්ථානය යන රටවල් සියල්ලටම මේ අයුරින් ආරාධනා කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාක් ඇරයුම රැගෙන නේපාල විදේශ ඇමති එයි
සරත් Thursday, 18 September 2014 10:12 AM
අය්යෝ කෝල් එකක් දුන්න නම් අපි එනවනේ. මොකට අාවද වියදම් කරගෙන.(අ)