නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත 18 වෙනි දකුනු ආසියානු සාක් සමුලූවට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම සඳහා නේපාල විදේශ අමාත්‍ය මහේන්ද්‍ර බහදුර් පැන්ඩි මහතා කටුනායන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී විදේශ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් දරශන පෙරේරා මහතා විසින් ඔහු පිළිගත්තේය.
නේපාල ජනපති සුශිිල් කොයිරාල මහතා විසින් ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත 18 වෙනි සාක් සමුළුවට සහභාගී වන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කරන ලද ආරාධනය රැගෙන ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අතර අද සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එය බාරදීමට නියමිතය.
18 වෙනි සාක් සමුලූව එළඹෙන සැප්තැම්බර් මස 22 සිට 27 වෙනිදා දක්වා නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වේ.
සාක් සාමාජික රටවල් වන මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, බංගලි දේශය, පකිස්ථානය ඇෆ්ගනිස්ථානය යන රටවල් සියල්ලටම මේ අයුරින් ආරාධනා කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ කෝල් එකක් දුන්න නම් අපි එනවනේ. මොකට අාවද වියදම් කරගෙන.(අ)