හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොමාන්ඩෝ ආරක්ෂක ඒකකයේ ප්‍රධානී කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
පසුගිය 25 අගුණකොළපැලැස්සේ පැවැති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ ශ්‍රීලනිප රැස්වීමකට පිස්තෝලයක් රැගෙන පැමිණ සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 15 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතැයිද පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකම් රට හිනස්සන වැඩ. දැන් මේ රටේ පැය 5/6 ප්‍රශ්න නොකළ විරුද්ධ පක්ෂයේ එක පුද්ගලයෙක් ඉන්නවද?දැන් ඕවා නෙමෙයි බලන්න ඕනෑ. රටේ ආර්ථිකය කඩාවැටිලා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි නැහැ. (නි)
නාමල්ගෙන් ප්‍රශ්න කරන්නේ නාමල් කන බොන දේවල් ගැනද? නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා හේමපාල (නි)
කට්ටිය එක එක විදිහේ ටෙලි නාට්‍ය පෙන්වනවා.පොඩ්ඩක් හොයලා බලලා මේ ටෙලිනාට්‍ය බලලා ඒවා ඇත්තට අරන් අපේ ලේ පුච්චවන්නේ නැතුව ඉන්නකෝ (නි)
අපොයි ඔව් රුවන් සමහරු විභාගෙට ලියපු හැටි ගැනවත් ඒ දවස් වල ප්‍රශ්න නොකළ එකේ දැන් මොනවා ගැන ප්‍රශ්න කරන්නද ? (අ)
ඡන්දේ දුන්නු අපෙනුත් ඉස්සරහට ප්‍රශ්න කරයිද?(හේ)
අද කරන්නේ රට බේරාගත් සැබෑ නායකයා සහ පවුලේ අය මෙන්ම,විරුවන් දඩයම් කිරීමක් බව මම කියමි (නි)
යහපාලන ආණ්ඩුවේ අයට වෙන වැඩ නැද්ද? මේක දැන් සමාජයට විහිළුවක් කියආ මේ අයට දැනෙන්නේ නැති හැටි.(හේ)
කට්ටිය තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය පෙන්නනවා..(හේ)
රට දැන් ප්‍රශ්න පත්‍රයකි- උත්තර නැති (බ)
ජනාධිපති ගේ ආරක්ෂාව ඔහොම නම් රටේ ආරක්ෂාව ගැන කුමන කතාද . අපේ ආරක්ෂාව නැවතත් අපිටම සලසා ගන්න වෙයි වගෙයි (බ)
මරු යහපාලනය හිතා ගන්නත් බැහැ (බ)
ඇයි තවමත් නාමල්ගෙන් ප්‍රශ්න කළේ නැත්තේ? (බ)
කුදලාගෙන ගිහින් හිරේ දානවාට වැඩිය ප්‍රශ්න අහන එක නම්බුකාර නේද ? (බ)
බයටද ? (බ)
පොලිසියට සත්‍ය පවසා සිටීම ඔබගේ යුතුකමක්.අපට සැම අතින් උදව් විය හැකියි (බ)
මහේන්ද්‍ර, නෙවිල්, රත්නායක, හොඳ අවංක නිලධාරීන්. එ්ත් නව ජනාධිපති විසින් වෙනත් කට්ටියක් පත් කර ගැනීම තමා නිවැරදි. (බ)
ජනාධිපති පරෙස්සම් විය යුතුයි .අක්‍රමිතා වලට සම්බන්ද කල්ලිය වියරු වෙටිලා ඉන්නේ .(අ)
ඇයි පරීක්ෂා නොකර යන්න දුන්න අයගෙන් ප්‍රශ්ණ නොකරන්නේ? (නි)
ලාබ බාල ටෙලි වලින් බඩ පිරෙන්නේ වත් රටේ දැවෙන ප්‍රශ්න විසඳෙන්නේ වත් ආර්ථිකය දියුණු වෙන්නෙවත් නැත. (නදී)
හේමපාල , ඔහොම බලාගෙන ඉන්න ඉස්සරහට එයා ගැනත් ... (නි)
ඔන්න දැන් කොහේහරි පන්සලකට ගිහින් මේකටත් ආඩපාලි කියන්න පටන් ගනීවි. සෙනඟ රැස්වෙන තැන් වලට ගිහින් නහයෙන් අඬන එක තමයි දැන් කරන්නේ. (නි)
චානක ලොස් ඇන්ජලිස් කොහේ හිටියත් ඇමෙරිකන් සපත්තු ලෙව කන්නෙකු බව පැහැදිලියි. (නදී)
දුෂණය ,භීෂණය සමාජයෙන් පළවා හරින්න ...... (නි)
තවම බලය යොදවනවා (නි)