යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගන්නා බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (8) ප්‍රකාශ කළේය.
දෙහිවල නාවික හමුදා මුරපොළේදී පැහැරගත් බව කියන සිසුන් පස් දෙනකුද එම 11 දෙනා අතර වන බවත් නාවික හමුදාවේ නිලධරයන් තිදෙනකු ඊට හවුල් බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
පිවිතුරු යහපාල කියන්නේ කැලේ නීතිය දන්නා ප්‍රජාතන්ත්‍රවාදී නීතිය ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති මනුස්සයෙක්. කවුරු වුණත් රටේ නීතියට අනුවයි දඬුවම් කළයුත්තේ (නි)
නාලක..කොටි ඩයස් පෝරාව සතුටු කරන්නනම් තව ගොඩක් දේ කරන්න වෙනවා. (බ)
රට බේරාගත් අභීත රණවිරුවන් මෙලෙස නීතිය හමුවට පැමිණවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.. මීට පෙර දිගුදුර විහිදුම් බලකායේ සෙබලකුට මරණ දඩුවම නියම කළේය.. ඒ ඔවුන් තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීමට සිදුකළ ක්‍රියාවන් නොව ක්‍රියාන්විතයේ නියුතු හමුදා සෙබලකු වශයෙන් රට වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුම අතරතුරදී මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකල යම් යම් මෙහෙයුම්ය.. අහිංසක දමිල ජනතාව ඝාතනයට ලක් වී ඇත්නම් ඒ අත්වැරැදීමකින් විය හැකිය.. මේ අයුරින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී සිදුවූ දේවල් සම්බන්ධව රණවිරුවන් නීතිය හමුවට පැමිණවීම ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් මේ වනවිට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති රණවිරුවන් 42 නාගේ ඉරණම පිළිබදව මේ රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදවත් පෙරනිමිත්තක් ද..? (බ)
නාමල්, ඔයා කිව්වත් නැතත් එතුමා අපිට ජාතික වීරයෙක් වෙලා ඉවරයි. ඔයාලගේ හිතේ තියන ඒවා සිහින විතරයි. (නි)
පැහැර ගැනීමට සම්බන්ධ වූ මොවුන්ටත් දරුවන් ඇතැයි සිතමි. එහෙම වෙලත් දෙමවුපියන්ගෙන් කප්පම් ගැනීමට මුදල් තණ්හාවට කරලා තියෙන දේ බොහොම නින්දිතයි. මෙවැනි අපරාධවලට සිරදඬුවම් වලට අමතරව සම්බන්ධ වුවන්ගේ ප්‍රජා අයිතියද නැති කල යුතුයි. (ස)
ඔව් ඔව් අපි ජාතිවාදී නොවී දෙමළුන් මරපු ඔක්කොමටම දැඩි දඬුවම් දෙන්න ඕනේ ,පුහ් ,හැබැයි 88-89 කාලේ අහිංසක කොල්ලෝ මරපු එක සාධාරනයි මොකෝ උන් යු එන් පී නෙමෙයිනේ (නදී)
'අතුරුදන් කලේ කොටින්වයි' කියලා බලාගෙන හිටියා වගේ කියන්නේ. යහපාල උන්නැහේ ඒ කාලෙ වැඩකලේ යුධ හමුදා බුද්ධි අංශයේද? එතකොට මේ ළමයින්ගෙ දෙමාපියන්ගෙන් ලක්ෂ ගනන් කප්පම් ඉල්ලල තියෙන්නේ කවුද? (නදී)
හැමෝම කොටි කියලා තමුන් කරපු වරදට ජාතිය මැදට දාලා සාධාරණය කරන්න එපා. (ස)
සාධාරණයෙන් ජයගත් යුද්ධයක් නැත. දැන් අපි යුද්ධය ජයගෙන ඇති නිසා දැන් ඔය කුණු ගොඩවල් අවුස්සන්නේ නැතිව ඉන්නවනම් හොදයි. මොකද යුද්ධය ජයගත් රණවිරුවන් පෝරකයට ගෙන නොයායුතු බැවිනි.(ම)
නියම වීරයෝ ඉතිහාසයේ හිටියා,දැනුත් ඉන්නවා,නමුත් ඔවුන් එක එකට ඕන විදිහට මිනිමැරුවේ නෑ.අවිගත් සතුරා පමණක් විනාශ කලා.මිනිසුන් හදාගත් ජාතිවලින් අපි වෙනස් වුණත් අප සියලු දෙන මනුෂ්‍යයෝය.එමනිසා නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කළ යුතුය.(ම)
මුලදී මොනවා කළත් පස්සේ තනිවම තමයි ඕවාට මුහුණ දෙන්න වෙන්නේ. (නි)
විශාල වෙනසක් සිදුවෙමින් යන හැඩයි (නි)
බුද්ධිමත් ජනතාව දැන්වත් මේ සිදුවන දේවල් තේරුම්ගත යුතුය. (නි)
මේවා බරපතල අපරාධ නේද?ඒ අහිංසක දරුවන්ගේ අම්මලා තාත්තලාට කොච්චර වේදනා ඇද්ද? (නි)
මේවා බරපතල අපරාධ. . සමහර ජාතිවාදියෝ ඒ මැරුනු දරුවන් දෙමල නිසා මොහු වීරයෙක් කරන්න හදයි. ඒ අහිංසක දරුවන්ගේ අම්මලා තාත්තලාට කොච්චර වේදනා ඇත්ද? තනතුර නොබලා දැඩි දඩුවම් ලබා දිය යුතුයි. (නදී)
අතුරුදහන් කෙරෙව්වේ සාමාන්‍ය මිනිස්සුන්ව නොවේ කොටින්වයි (නදී)
කරුණාකරලා ප්‍රශ්නයක් ඇතිනොවන විදියට වැඩ කරන්න (නි)