(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේසංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරුණු වටිනා ඉඩම් කොටස් දෙකක් හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ බිරිඳ තමරා දිසානායක මහත්මියට සහ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ සමාජ සුබසාධන පදනමට පසුගිය කාලයේදී වසර 30කට බදුදී ඇතැයි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තමරා දිසානායක මහත්මියට දේශපාලන අවශ්‍යතා මත වසර තිහකබදු පදනම මත තමයි මේ ඉඩම දීලා තියෙන්නේ.එවකට හිටපු දේශපාලනඥයන් සාමාන්‍ය ජනතාවකට එක හැන්දකිනුත් බලය තියෙන අයට එක හැන්දකිනුත් තමයි බෙදලා තියෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරියත් මේවට සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් ඒකේ රථ ගාලක් පවත්වාගෙන යනවා. අපි කිසිදු ඉඩම් බැහැර කිරීමක් එක එක කෝණයෙන් බලලා කරන්නේ නැහැ. ධර්මායතන ආරක්ෂක සභාවටත් වසර තිහක බදු පදනම මත තවත් ඉඩම් කොටසක් ලබාදී තිබෙනවා.