කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ.
කාලගුණය අඳුරු තත්ත්වයක පවතී.
තම නෑයන් සොයා විලාප දෙන බාල මහලු තරුණ පිරිස් හි අදෝනාවන්ගෙන් මුළු පරිසරයම දෝංකාර දෙති.
මිනිසුන් මීරීයබැද්දවත්තට පැමිණිම නිසා සහනසේවා කටයුතුවලට බලවත් අපහසුතාවක් හා අනතුරුදායක බව බදුල්ල මහ දිසාපති රෝහණ දිසානායයක මහතා පවසයි.
අවතැන්වුවෝ කඳවුරු දෙකක නතර කරනු ලැබ සිටිති.
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන පිටින් වැළලුනු අය හොයන්න පොලිස් නිල සුනකයෙක් ගේන්න (නදී)
පොලිස් නිල සුනඛයෙක් දැම්මොත් කුමක්හෝ හොයාගනීවි. යටවුණ ගෙදරක එක මනුස්සයෙක් හරි ඉන්න පුළුවන්. (නි)
අහිංසක මිනිසුන් පව්.මෙවන් විපත් යළි නොමවේවා! (නි)
හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)
කාගේ හරි කමක් නැහැ පිහිටින් දැන් ජිවත් වෙලා ඉන්න අහිංසකයන්ට පිහිට වනවා නම් කොච්චර හොඳද ? දේශපාලනය පැත්තකට දමලා ඔක්කොම එකතු උනානම් කොයිතරම් අගෙයිද ? (නදී)
හොඳ ආරංචියක් (නදී)
පව් අහිංසක මිනුස්සුන්ටමයි හැමදේම වෙන්නේ. හතුරෙකුටවත් මේ වගේ විපතක් නොවේවා (නදී)
මෙවන් විපත් ලෝකයේ කිසිම කෙනෙකුට වෙන්න එපා.කිසිම ආත්මයක මේ වගේ මරණවලට ගොදුරුවෙන්න එපා.අපේ සහනසේවකයන් ගේ සේවය ඉතාම අගය කරනවා.එලෙසම මේවගේ විපත් බහුලව සිදුවන රටවල සහන සේවකයන්ගේ සහය රජය ලබා ගනිතැයි සිතනවා.(අ)
පලස්තීන අනාථයන්ට ඩොලර් මිලියන වලින් සළකන පාළකයිනි මවුබිමෙි අනාථයන් ගැනත් ඇස් හැර බලන්න.දවසක් දෙකක් මහන්සි වෙන බව පෙන්වා වැඩෙි අත හැර දැමීමයි අන්තිමට සිදු වන්නේ.(අ)
මේ පළාතේ නායයාම් පිළිබඳව අදාළ බලධාරින් අනතුරු හඟවනවා, පුවත්පත් නිවේදන නිකුත් කරනවා මටත් මතකයි.මෙයට මුළුමනින්ම වගකිවයුත්තේ අදාළ වතු සමාගම නොවේද? (නි)
ළමුන් ගැන අවධානය යොමු කරන්න. මෙහෙකාරකමට හදාගැනීමට කියා ළමුන් පැහැර ගනීවි. (නි)
දැන් කිව්වේ කරන්න බැරි ඇඩක් කියල.(අ)
අපේ මෝඩ මිනිස්සු මොකක් හරි උනගමන් යනවා විනෝද චාරිකා පිස්සු ද මන් දා (නදී)
මිය ගිය සැමට නිවන් සුව අත් වේවා.! (ර)
සංසාරේ කිසිම දිනක නැවත මෙවන් විපතක් නොවේවා ! (නදී)
මෙවන් විපතක් නැවත කිසි දිනක සිදු නොවේවා (නදී)
මේ මියගියේ තනිවුණේ අපේම අය. වචනයකින් හෝ ඔබේ දුක තනිකම අපිටත් බෙදාගන්නට ඇත්නම්.... (නි)