(ඩයනා උදයංගනී)
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන දරුවන් වෙනුවෙන් සිසු සැරිය බස්රථ මෙන්ම තවත් අතිරේක බස් රථ යොදවන බව ඔහු සඳහන් කළේය.
විභාග කාර්ය මණ්ඩල හා විභාග මධ්‍යස්ථාන කටයුතුවල නිරත වාහන වෙනුවෙන් ලං.ග.ම සතු ඉන්ධන ලබාදෙන ලෙස උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා කීවේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දුම්රියෙන් පැමිණෙන සිසුන් දුම්රිය ස්ථානවල සිට විභාග මධ්‍යස්ථාන කරා රැගෙනයාමේ වැඩපිළිවෙලක් ද සකසා ඇතැයි හෙතෙම පැවසීය.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සාමාන්‍ය දුම්රිය කාලසටහනේ ඇති පාසල් දරුවන් වෙනුවෙන් ධාවනය කරන දුම්රිය ගමන් වාර විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
විභාගයට කල්වේලා ඇතිව යාමට ඇති අවසන් දුම්රියෙන් නොව ඊට පෙර තිබෙන දුම්රියෙන් විභාග මධ්‍යස්ථානයට යන ලෙස සිසුන්ට දැනුම් දෙන බවත්, දුම්රිය ප්‍රමාදයක් වුවහොත් සීඝ්‍රගාමී දුම්රිය දරුවන් වැඩි දුම්රිය ස්ථානවල නැවැත්වීමට උපදෙස් දී ඇතැයි ද පොල්වත්තගේ මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සා.පෙළ සිසුන්ට අමතර බස් රථ
SWISS Wednesday, 18 May 2022 07:24 PM
හැබැයි ඔය අගනා සේවය ලබා දුන් අයම විභාග කරන්න ඔය බස්වලම යන ළමයින්ට කියන්න... අම්මලා, තාත්තලා පෙළපාලිවල යන ගමන් කියපු පාඨ මතක් කරගන්න එහෙම එපා කියලා...!!!