(යොහාන් භාසුර)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2023(2024)) සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් හෙට (23) සිට ලබන පෙබරවාරි මස 15 වැනිදා දක්වා කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පතිවරයා හරහා ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු බවත් පෞෟද්ගලික අයදම්කරුවන් රජයේ සහ රජයේ පිළිගත් පාසලක ශිෂ්‍ය කාර්ය දර්ශනය (අස්වීමේ සහතිකය) ඉදිරිපත් කිරරීම අනිවාර්ය බවත් ඒ මහතා පවසයි.

පෞද්ගලික අයදුම්කරුවන් ජාතික හැදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර වයස අවුරුදු 15 ට අඩු පෞද්ගලික අයදුම්කරුවන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන්නේ නම් අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු බව කියන ජයසුන්දර මහතා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  අඅඅගාදැබැඑිගකන හෝ අඅඅගදබකසබැැං්පිගටදඩගකනගැසජ යන වෙබ් අඩවිවලට පිවිස අයදුම්පත් සම්පූර්ණ කළ යුතු බවත් ඒ මහතා කීය.

මේ පිළිබඳ වැඩි විස්තර 0112784208, 012784537 හෝ 0112785922 යනදුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.