රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මහතාට රාවය පුවත්පතින් අපහසුතාවක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් මත රාවය කර්තෘ ඒ ඩබ්ලිව් ජනරංජන මහතාගෙන් ඊයේ (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ජනරංජන මහතා කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු තමාට දුරකථනයෙන් කථා කොට මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එහි එන ලෙසයි.
ඉකුත් සිකුරාදා තමන් වෙත දැනුම් දුන් බවත්, ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා ගැනීම නම් පුවත්පත් කාර්යාලයයට පැමිණීම හිටපු ජනාධිපතිනියගේ කාලයේ පටන් සිදුවූ ක්‍රියාවක් බවත් එම නිලධාරියාට දැනුම් දුන්න ද ඔහු එයට එකඟ නොවූ නිසා තමන් ඊයේ (09) සවස හතරට නීතීඥවරයකු සමඟ එහි ගිය බව ද ඔහු සඳන් කළේය.
තමන්ගේ ප්‍රකාශය ලියා ගන්නා අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම නීතීඥවරයා එම ස්ථානයෙන් ඉවත් කළ බවත්, එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ජනරංජන මහතා කියයි.
මෙම ප්‍රවෘත්තිය ලිව්වේ කවුද, එහි මූලාශ්‍රය ලබා ගත්තේ කාගෙන් ද, එම තොරුතරු තහවුරු කරගෙනද මෙම ප්‍රවෘත්තිය පළ කළේ, රාවය පුවත්පතේ පිටපත් කීයක් මුද්‍රණය කරනවා ද, ඒවා මිලදී ගන්නේ කවුද යනුවෙන් නොයෙක් ප්‍රශ්න ඇසූ බවත්, පුවත්පත් ආචාර ධර්ම පද්ධතියට අනුව එම ප්‍රශ්න වලට පිළිතුරු දුන් බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මහත්තයෝ, නිකන් බොරුවට කෑගහන්න එපා. ජනාධිපතිවරණය රියලිටි ෂෝ එකක් කරලා තියෙන්නේ කවුද? (නි)
අනේ හැබෑට මෙහෙමත් නීතියක්! (නි)
අනේ මන්දා! මේ කළ දේ ගැන මට නම් කිසිම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ (නි)
පුවත්පත් නිදහස කෝ.(හේ)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අපිටනම් මේවට කියන්න දෙයක් නැහැ. මේක එස් එම් එස් වලින් ජයග්‍රාහකයා තොරණ රියලිටි ෂෝ එකක් නෙමෙයි ජනාධිපතිවරණයක්. මේ ප්‍රතිපලය ලැබෙන්න ඉර බටහිරින් පායන්න ඕන කියල අපි දන්නවා. (ර)
රටේ බුද්ධි අංශය පිලිබඳ තොරතුරු පල කරද්දී මීට වඩා සැලකිලිමත් විය යුතුයි. එය රටේ ජාතික ආරක්ෂාව පිළිබදව කෙලින්ම බලපෑ හැකි බැවිනි. (ර)
මේ මොනවද වෙන්නේ කියලා මට හිතා ගන්න බැහැ (දී)
සුගත් මම ඔයාගේ අදහසට එකඟයි (දී)
මාධ්‍ය නිදහසට මෙහෙම කරන එක වැරදියි (නි)
දැන් දැන් ලංකාවේ වෙන දේවල් ගැන මොකුත් කියන්නේ නැහැ (දී)
රාජ්‍ය බුද්ධි අංශය සමග සෙල්ලම් කරන්න එපා. (නදී)
බුද්දික මහතයෝ මාධ්‍ය නිදහස කියන්නේ පුවත්පත් වාර්තා කරුවන්ගේ පෞද්ගලික අදහස් හෝ ඔවුන්ගේ ඔලුවලට එන විකාර අදහස් ප්‍රසිද්ධ කරන එක නෙමේ. එහෙම උනොත් ඒක වල් බූරු නිදහසක් වෙනවා. නියම පුවත්පත් වාර්තාකරුවන් ජනතාව දැනුවත් කලයුත්තේ නිවරදි පුවත් වගකීමකින් යුක්තව, ජනමාධ්‍ය ආචාරධර්මවලට සහ රටේ නීතිරීති වලට අනුකූලව පුවත් වාර්තා කිරීමයි. (නදී)
මේවා බටහිර කුමන්ත්‍රණ. (නදී)
වගකීමෙන් ඇත්ත පලකරනවනම් ඇයි ඕනෙම දේකට උත්තර දෙන්න බැරි. රටෙි බුද්ධි අංශය සෙල්ලමකට, විහිලුවකට ගන්න හොද නෑ.(හේ)
ඉරිදා පත්තරයක මේ ප්‍රතිපලයම දෙපැත්ත මාරුකර දැම්මා. එ්කත් හොයලා බැලුවද ? (නදී)
රාවය ආණ්ඩුවේ සල්ලිවලින් යැපෙන පත්තරයක් ද? . පිටපත් 1000ක් වත් විකිනෙන්නේ නෑ. (නදී)
ඔය දෙන්නගෙ ප්‍රතිශත දෙක මාරුවුනානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (බ)
ජාතික මැතිවරණයක බොරු බේගල් අදින පත්තර මාෆියාව අපි රාවය පත්තරය තුළින් දුටුවා අනුන්ට කඩ අරින්න එපා මාධ්‍ය සදාචාර ඕකද නිතිය හරි, බොරු පත්තර නිසා ජනතාව මුලා කර රට යන ගමන ඩොලර් වලට ආපසු හරවා බඩ පුරවගන්න එපා ..කනගාටුවෙනවා "රාවය"..(බ)
ජානක අප දැනුවත්ව ඉහත පුවත සමීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ලබාගත් නිවරදි පුවතකි. එම පුවතින් බුද්ධි අංශ අපහසු තත්වයකට පත්වීම යනු සත්‍යයට මුහුණ දීමට බැරි වීමද ? සුජිත් මෙය රටේ බුද්ධි අංශය පිළිබඳ තොරතුරක් නොවේ. රාවය පුවත්පතේ පළවූ ලිපිය නොකියවා හරිහැටි නොදන්නා දේවලට මෝඩ කමෙන්ට් දාන්න එපා (බ)
කලබල වෙන්න දෙයක් නැහැ, අපේ රටේ බුද්ධි අංශයට වැඩිය හොද බුද්ධි අංශයක් පත්තර වලට තියෙන්නේ කොහොමද කියලා දැන ගන්න තමයි එන්න කියන්න ඇත්තේ (නදී)
මේ කළ දේ නම් අනුමත කරන්න අමාරුයි මටත් (නි)
නිතිඥයාට රැඳී සිටින්න අවසර නැද්ද? (නි)
අනිවාර්යෙන්ම වෙනසක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ දුසිරිතෙන් තොර නීතියක්. ප්‍රජාතන්ත්‍ර වාදී රටක්. (නදී)
ඔය පුවත් පතත් අරලියගහ මන්දිරෙනුත් ගන්න එකේ වෙන මිනිස්සු අරගෙන කියෙව්වම මොකද වෙන්නේ ? මිලදී ගන්නේ කවුද කියල අහපු එකනම් මෝඩ ප්‍රශ්නයක් (නදී)
මේ කියන 'ප්‍රතිශත' කතාවේ 'රාජ්‍ය ආරක්ෂාවට ඇති තර්ජනය' මොකක්ද? එහෙම කියන අය සැබෑ රාජ්‍ය රහස් තොරතුරු හෙළිකරන විකි ලීක්ස් වෙබ් අඩවිය හොඳයි කියල වර්ණනා කරන්නේ. පිළිගන්නේ නැද්ද? (නදී)