(ෂෙහාන් චාමික සිල්වා)
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ බිරිඳ ශෂි විරවංශ මහත්මියට එරෙහිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබු නඩු දෙකකට අදාළව නඩු භාණ්ඩ වු ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථාන ගත වී ඇති බව මීට පෙර හෙළි වු කරුණු අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සඳහන් කළේය.
එම නඩු භාණ්ඩ සාමාන්‍යයෙන් නඩු භාණ්ඩ බන්ධනාගාර භාරකරු සන්තකයේ පවතින බවත් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ අවශ්‍ය වු විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත් කියා සිටි මහේස්ත්‍රාත්වරයා නමුත් එලෙස ඉල්ලා නැති බවත් ඔහු එම ඉල්ලීම කර ඇත්තේ කොළඹ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියගෙන් බවත් කීවේය.
එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අතින් සිදුවු අතපසු වීමක් බවත් මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාරය විශාල බවත් මහජනතාව කෙරෙහි අධිකරණ පද්ධතිය තුළ ඇති විශ්වාසය පළුදු වන බවත් නැවත එම වරද සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තං දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ...
කව්ද දැන් අස්ථානගත වී ඇති බව කිව්වේ? අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද? රෙජිස්ට්‍රාර්වරිය එම ඉල්ලීම නිසි තැනට යොමු කරා නම් හරිනේ....
මේක විහිළුවක් නෙමේ නේද? මොකද අස්ථානගත වුණා කියලා බොරු කීම උසාවියට අපහාස කිරීමක් නෙමේද?
දැන් කව්ද එතකොට මේ නඩු භාණ්ඩ අස්ථාන ගත වෙලා කියලා උසාවිය නොමඟ යවලා තියෙන්නේ? රෙජිස්ටාර්වරිය මේ පටිපාටිය නොදන්නවා වෙන්න බෑනේ..... කොහොම හරි කව්රු හරි මුට්ටිය දාල බැලුවා වගේ මට නම් හිතෙන්නේ.
මට නම් දැනෙන්නේ නිකන් අපි අස්ථානගත වෙලා වගෙයි.
නැතිවෙලා? හම්බවෙලා? කොහොමහරි දැන් බැලිය යුත්තේ එම භාණ්ඩවල නිරවද්‍යභාවයයි. ඒවා මාරුවෙලාද? තව ටිකදවසක් ගියාම කියයිද දන්නේ නැහැ... බාරදීලා තියන ලියකියවිලි සත්‍ය, නිරවද්‍ය හා නීත්‍යානුකූල ලියකියවිලි කියලා..
මේක බොහොම වැදගත් පුවතක්....එම නඩු භාණ්ඩ අස්ථානගත නොවී යහතින් තිබෙනවා නම්, වීරවංශ නෝනට එරෙහිව තිබෙන සියලු නඩු හැකි ඉක්මනින් විසඳා තීරණයක් ගැනීම හොඳ නැද්ද?
අපේ ලංකාව පුදුම රටක්, පුදුම අධිකරණයක්, පුදුම නීති පද්දතියක් තමයි තියෙන්නේ...
ඉක්මණින් නඩුව අසා විත්තිකරුට සහනයක් හෝ දඬුවමක් හෝ දේවි...!!!
මුට්ටියක් එහෙම දාල බලනවද?
කුමට මෙරට අධිකරණය, නිතිය සහ විනිසුරුවන්........