කහ ඉරේ ගමන් කළ කාන්තාවකගේ මරණය සිදු කළැයි සැකපිට ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රජීව වීරසිංහ බෝපිටිගොඩ රුපියල් දහදාහක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා නියෝග කළේය.
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කටුනායකදී මරණයට පත් වුයේ මීගමුවේ පදිංචි හැත්තෑතුන් හැවිරිදි දෙදරු මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ලොක්කෝ කහ ඉරේ මිනිස්සු යට කරනවා නම් සාමාන්‍ය රියදුරන් ගැන මොන කතාද? ඇපත් අරගෙන ගෙදරත් ගිහින්? (නි)
මට කියන්න තියෙන දේවල් එමටයි (දී)
අනතුර වැරදියි තමයි. නමුත් මොහු අපේ සමාජයට ලොකු සේවයක් කරන කෙනෙක් (නි)
අනේ මෙහෙව් රටක්? නරම්මලදී මෙවැනිම දෙයක් උනා . නමුත් අදාළ පුද්ගලයා මියගියේ නැහැ. එ්ත් රියැදුරා රිමාන්ඩ් කලා. (නදී)
අනේ මන්දා මේවා? (නි)
මෙයට ප්‍රධාන හේතුව ලංකාවේ මිනිසුන් කහ ඉර තියෙන්නේ පාර මාරුවෙන අයට කියා පිළිනොගැනීම. සියලුම බටහිර රටවල, මම ඉන්න ඕස්ට්‍රේලියාවේ රියදුරන් වන අප කොතරම් වෙලා බලා ඉන්නවද සියලුම පදිකයන් පාර මාරු වෙනතුරු. කිසි හේතුවක් නැතුව ඔහේ පුරුද්දට හෝන් ගගහා කලබල කරමින්, පදිකයන්ගේ පිටුපසින්, ඉදිරියෙන්, කහ ඉරෙන් පාර මාරුවන්නන්ට බැණ වදිමින් යන පිස්සන් පිටරට වල නැහැ. (නි)
පොලිස් නිළධාරියෙක් කහ ඉරක් උඩ මගියෙක් හප්පා මරා දමනවා කියන්නේ ඉතින් තව වෙන මොන කතාද? (නි)
මේ අනතුර උනේ අපේ ගෙවල් හරියේදී , මේ රියදුරා ඉතා අධිකව මත්පැන් පානය කරලා ඉතා අධික වේගයකින් වාහනය ධවනය කරලා තියන්නේ . මේ කාන්තාවගේ අත පය ඔක්කොම කැඩිලා . මෙහම අයට තමයි 10,000 කට ඇප දීල ගෙදර ඇරලා තියෙනේ (දී).
පොලිසිය මාර්ග නීති කඩ කිරීම අතින් උපරිමයි . පුද්ගලික බස් රියදුරන් හා සම තැනට ආසන්නයි .(දී)
මෙය තාමත් සී අයි ද? මට අමතක වුණානේ! පොලීසිය පළමුව, කහ ඉරි පසුවට (නි)
පොලිසියේත් ඉන්නේ මනුෂයෝ. ඒ නිසා මෙවැනි අත්වැරදීම් නොසකිලිමත්කම් සිද්ධ විය හැකියි.වැදගත් වෙන්නේ මෙවැනි සිදුවීම් වලදී නිතිය හරි හැටි ක්‍රියාත්මක වීමයි.මෙම සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරියා නිතිය හමුවට ඉදිරිපත්කිරීම කිරීම පැසසුම් කටයුත්තක් උවත්,සාමාන්‍යයෙන් සිදුවෙන පරිදි චූදිතයා මියගොස් ඇත්නම් රියදුරු බන්ධනා ගතකිරීම මෙම අවස්ථාවේ සිදුනොවීම සැකයට හේතුවකි. (ස)
කියන්නට හෝ අදහස් දක්වන්නට වචන නැත? (දී)
පොලිසියේ අය කොහොමත් නිතිය අතට අරන් තමයි ඉන්නේො, එහෙම එකේ අනිත් අය ගැන කුමන කතා. දැන් හොරණ පැත්තේ අලුත්ම පොලිස් රාජකාරිය වෙන්නේ කුඩා මෝටර් සයිකල් වලින් යන කාන්තාවන් නවත්වා ඒ අය බිල්ලට ගැනීමයි. (ස)
පොල්ගෙඩි දෙකට 50,000යි. මිනිමැරුමට 10,000යි . (ස)