IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සී අයි ට ඇප

කහ ඉරේ ගමන් කළ කාන්තාවකගේ මරණය  සිදු කළැයි සැකපිට ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රජීව වීරසිංහ බෝපිටිගොඩ රුපියල් දහදාහක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා නියෝග කළේය.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කටුනායකදී  මරණයට පත් වුයේ  මීගමුවේ පදිංචි හැත්තෑතුන් හැවිරිදි  දෙදරු මවකි.



අදහස් (0)

සී අයි ට ඇප

ඇන්ටන් Thursday, 25 September 2014 06:40 PM

පොලිසියේ ලොක්කෝ කහ ඉරේ මිනිස්සු යට කරනවා නම් සාමාන්‍ය රියදුරන් ගැන මොන කතාද? ඇපත් අරගෙන ගෙදරත් ගිහින්? (නි)

:       0       0

චමින්ද Friday, 26 September 2014 08:09 AM

මට කියන්න තියෙන දේවල් එමටයි (දී)

:       0       0

උපුල් Thursday, 25 September 2014 07:31 PM

අනතුර වැරදියි තමයි. නමුත් මොහු අපේ සමාජයට ලොකු සේවයක් කරන කෙනෙක් (නි)

:       0       0

කරුණාවතී Thursday, 25 September 2014 08:22 PM

අනේ මෙහෙව් රටක්? නරම්මලදී මෙවැනිම දෙයක් උනා . නමුත් අදාළ පුද්ගලයා මියගියේ නැහැ. එ්ත් රියැදුරා රිමාන්ඩ් කලා. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 25 September 2014 08:49 PM

අනේ මන්දා මේවා? (නි)

:       0       0

පෙරේරා Thursday, 25 September 2014 09:18 PM

මෙයට ප්‍රධාන හේතුව ලංකාවේ මිනිසුන් කහ ඉර තියෙන්නේ පාර මාරුවෙන අයට කියා පිළිනොගැනීම. සියලුම බටහිර රටවල, මම ඉන්න ඕස්ට්‍රේලියාවේ රියදුරන් වන අප කොතරම් වෙලා බලා ඉන්නවද සියලුම පදිකයන් පාර මාරු වෙනතුරු. කිසි හේතුවක් නැතුව ඔහේ පුරුද්දට හෝන් ගගහා කලබල කරමින්, පදිකයන්ගේ පිටුපසින්, ඉදිරියෙන්, කහ ඉරෙන් පාර මාරුවන්නන්ට බැණ වදිමින් යන පිස්සන් පිටරට වල නැහැ. (නි)

:       0       0

චානක Thursday, 25 September 2014 09:18 PM

පොලිස් නිළධාරියෙක් කහ ඉරක් උඩ මගියෙක් හප්පා මරා දමනවා කියන්නේ ඉතින් තව වෙන මොන කතාද? (නි)

:       0       0

චතු Saturday, 27 September 2014 04:16 PM

මේ අනතුර උනේ අපේ ගෙවල් හරියේදී , මේ රියදුරා ඉතා අධිකව මත්පැන් පානය කරලා ඉතා අධික වේගයකින් වාහනය ධවනය කරලා තියන්නේ . මේ කාන්තාවගේ අත පය ඔක්කොම කැඩිලා . මෙහම අයට තමයි 10,000 කට ඇප දීල ගෙදර ඇරලා තියෙනේ (දී).

:       0       0

සකුන්තලා Thursday, 25 September 2014 01:49 PM

පොලිසිය මාර්ග නීති කඩ කිරීම අතින් උපරිමයි . පුද්ගලික බස් රියදුරන් හා සම තැනට ආසන්නයි .(දී)

:       0       0

ලහිරු Friday, 26 September 2014 03:02 AM

මෙය තාමත් සී අයි ද? මට අමතක වුණානේ! පොලීසිය පළමුව, කහ ඉරි පසුවට (නි)

:       0       0

සත්‍යපාල Friday, 26 September 2014 04:38 AM

පොලිසියේත් ඉන්නේ මනුෂයෝ. ඒ නිසා මෙවැනි අත්වැරදීම් නොසකිලිමත්කම් සිද්ධ විය හැකියි.වැදගත් වෙන්නේ මෙවැනි සිදුවීම් වලදී නිතිය හරි හැටි ක්‍රියාත්මක වීමයි.මෙම සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරියා නිතිය හමුවට ඉදිරිපත්කිරීම කිරීම පැසසුම් කටයුත්තක් උවත්,සාමාන්‍යයෙන් සිදුවෙන පරිදි චූදිතයා මියගොස් ඇත්නම් රියදුරු බන්ධනා ගතකිරීම මෙම අවස්ථාවේ සිදුනොවීම සැකයට හේතුවකි. (ස)

:       0       0

නිමල ලිත Thursday, 25 September 2014 04:35 PM

කියන්නට හෝ අදහස් දක්වන්නට වචන නැත? (දී)

:       0       0

රෝහන Friday, 26 September 2014 05:39 AM

පොලිසියේ අය කොහොමත් නිතිය අතට අරන් තමයි ඉන්නේො, එහෙම එකේ අනිත් අය ගැන කුමන කතා. දැන් හොරණ පැත්තේ අලුත්ම පොලිස් රාජකාරිය වෙන්නේ කුඩා මෝටර් සයිකල් වලින් යන කාන්තාවන් නවත්වා ඒ අය බිල්ලට ගැනීමයි. (ස)

:       0       0

අසාදි Friday, 26 September 2014 05:46 AM

පොල්ගෙඩි දෙකට 50,000යි. මිනිමැරුමට 10,000යි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site