වව්නියාවේ කුඩාකච්චිකුඩියේ වැව අසළ නිදන් හාරමින් සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය විශේෂ පොලිස් කණ්ඩායමකට එම මෙහෙයුම නවත්වන්නැයි නියෝගකර පසුව දින කිහිපයක් සේවයට නොපැමිණි බව කියන වව්නියාව දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මෙහෙයුමෙන් ඔහු අත්අඩංගුවට ගැනිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වරයකුගෙන් ද ප්‍රශ්න කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන් හෑරීමට හැමවෙලේම මුල් වෙන්නේ මොවුන් ජනතාවට තර්ජනය කරමින් මේ වැඩේ කරනවා (බ)