IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂාරුක් ඛාන්ගේ ෆෑන්ට නඩුවක්

2016-05-26-ent-12

ෂාරුක් ඛාන් රඟපෑ "ෆෑන්" vචිත්‍රපටය දැන් ලොව පුරා තිරගත වන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේය. චිත්‍රපටය තිරගත වී සති කිහිපයකට පසුව එය දැන් නීතිමය ප්‍රශ්නයකට මුහුණදී ඇති බව වාර්තා වෙයි. ඒ දිල්ලි නුවර ප්‍රසිද්ධ රසකැවිලි වෙළෙඳ සැලක් විසින් "ෆෑන්" චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ටත්, ෂාරුක්ටත් එරෙහිව උසාවියෙහි නඩුවක් පවරා ඇති බැවිනි. "ඝන්තේවාලා" නම් වූ මෙම රසකැවිලි සාප්පුව එම නඩුව පවරමින් සඳහන් කරන්නේ කිසිදු පූර්ව අවසරයකින් තොරව තම වෙළෙඳ නාමය "ෆෑන්" චිත්‍රපටයේ එක්තරා දර්ශනයකට යොදාගෙන ඇති බවයි. මෙම රසකැවිලි වෙළෙඳ සැල ආරම්භ කර ඇත්තේ 1790 දී බව සඳහන් වෙයි.

චිත්‍රපටයේ වගකිව යුතු පාර්ශ්වයට නීතිමය ලියවිල්ලකින් මේ බව ඔහු දැනුම් දී ඇත්තේ නීතිඥ අන්කිට් ශානිගේ මාර්ගයෙන් බව සඳහන් වන අතර, "ෆෑන්" චිත්‍රපටයේ ෂාරුක් රඟන්නේ දිල්ලි නුවර වෙසෙන ගෞරව් නමැති තරුණයාගේ චරිතයයි. ඔහු, තමන් ප්‍රියකරන සුපිරි නළුවා හමුවීමට යන්නේ "ඝන්තේවාලා" රසකැවිලි වෙළෙඳ සැලෙන් රසකැවිලි මිලදී ගෙනයි. ඊළඟ දර්ශනයේදී දක්නට ලැබෙන්නේ සුපිරි නළුවාගේ නිවස ඉදිරිපිට ඇතිවන කලබලයට ගෞරව් මැදිවීම නිසා ඔහු අත තිබූ රසකැවිලි පෙට්ටිය බිම වැටී ඒ රසකැවිලි විසිරී යන ආකාරයයි. මේ දර්ශන පිළිබඳ අවධානය යොමුකරන ඝන්තේවාලා වෙ‍ළෙඳ සැලේ වත්මන් හිමිකරු වන සුශාන්ට් ජේන් "ෆෑන්" චිත්‍රපටයේ නිෂ්පාදක "යාෂ් රාජ් චිත්‍රපට සමාගමටත්, නිෂ්පාදක ආදිත්‍ය චොප්රා සහ අධ්‍යක්ෂ මනීෂ් ශර්මාටත් දන්වා ඇත්තේ එම දර්ශන ඉවත් කරන ලෙසයි. එම දර්ශන සහ එයට ඇතුළත් කර ඇති දෙබස්වලින් තම වෙළෙඳ නාමයට අගතියක් සිදුවී ඇතැයි ද සුශාන්ට් ප්‍රකාශ කරනවා.

 

2016-05-26-ent-13



අදහස් (0)

ෂාරුක් ඛාන්ගේ ෆෑන්ට නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site