
(යොහාන් භාසුර සහ තුෂාර ද සිල්වා)
ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන් මුත්තයියා මුරලිදරන්ට පෙර වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව හිමිකරගනෙ සිටියේය.
වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර ඔහු ලොව බිහි වූ ක්‍රිකට් විශිෂ්ටයකු මෙන්ම ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස ද සැලකේ.
ඔහු තායිලන්තයේ කෝහ් සමුයි දි සෙනසුරාදා අලුයම් කාලයේ දී මරණයට පත්ව ඇති බව ෂේන් වෝර්න්ගේ කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ෂේන් වෝර්න් ඔහුගේ මන්දිරයේ සිටියදී සොයාගනු ලැබ තිබෙන අතර ඒ අවස්ථාවේ දී ඔහු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
වෛද්‍ය කණ්ඩායම උපරිම උත්සාහ ගත්ත ද ඔහු ගේ දිවි ගලවා ගැනීමට නොහැකි වූ බව ද කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
“මේ අවස්ථාවේ දී පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඉදිරි පියවර සහ තොරතුරු ඉක්මනින් දැනුම් දෙනවා” ෂේන් වෝර්න්ගේ පවුල දැනුම් දී ඇත.
ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ තවත් විශිෂ්ටයකු ලෙස සැලකෙන රොඩ් මාර්ෂ් අවමංගල්‍යයෙන් පැය 24කට යාමටත් මත්තෙන් මෙම පුවත වාර්තා විය.
වසර 15ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ටෙස්ට් කඩුළු 708 ක් දවාගැනීමට ෂේන් වෝර්න් සමත් වූ අතර ඔහු දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.
ඔහු 1999 වසරේ ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකි.
එමෙන්ම ඔහු 1993 වසරේ සිට 2003 වසර දක්වා අළු බඳුන ශූරතාව දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් පහක සාමාජිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක ආරංචියක්... ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!
ඔහු අතිදක්ෂ ක්‍රීඩකයෙක්... මෙතරම් ඉක්මණින් අප හැර යාම කණගාටුදායකයි.
ඔබතුමාට සුබගමන්..!
සෑහෙන පිරිසකට අප්‍රසිද්ධියේ උදවු කරපු ක්‍රීඩා පිටියේ පෙරලි කාරයෙක්... නිවන් සුව...
ඔහු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්... නිවන් සුව ලැබේවා..!
බොහොම කණගාටුදායක පුවතක්... ඔහුටම ආවේණික වූ අමුතුම ශෛලියකට පා දඟපන්දු යැවූ ක්‍රීඩාවටම කැපවූ ක්‍රීඩකයෙක්... අඩු වයසින් නික්ම යාම දුකක්. ඔහුට නිවන් සුව පතමි.
හොඳ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්...
හොඳ පුද්ගලයින් ඉක්මණින් කැඳවා ගැනීම දෙවියන් වහන්සේගේ සිරිතයි. ෂේන් වෝන්... දෙව් මව් තුරුලේ සමාදානයේ සැතපේවා..!!!.
නිවන් සුව ලැබේවා...!