(නිමන්ති රණසිංහ)
 
ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු බව කියන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහ්රාන් නැමැත්තා සමඟ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන මැරුණු බෝම්බකරුවකු වූ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉන්සාෆ් අහමඩ්ගේ වැඩිමහලු සහෝදරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය  නියෝග කළාය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි මොහොමඩ් ඊබ‍්‍රහීම් මොහොමඩ් ඉෂ්රත් අහමඩ් නැමැත්තාය.
 
ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සඳහා යොදාගත හැකි කඩු දෙකක් හා ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි බවට මෙම සැකකරු දෙමටගොඩ පොලිසිය ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.