දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා (69) අභාවප්‍රාප්ත වීය.පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට ආ ඒ මහතා අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරි පත්විය.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු ඒ මහතා වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ළඟම ඥාතියකු වූ සිවාජිලිංගම් මහතා රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.