(රෝෂන් තුෂාර)

කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන්  ආරම්භ කළ  "සිරිලිය සවිය" සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත   හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්‍රමසිංහ  මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 


එම නිසා තම සේවා දායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසද ඉල්ලා සිටියේය. 

ඇප ලබා දෙනවාට විරෝධතාවය ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ රෝහල් ගත කර ඇති මුත් හෘද සැත්කමක් සිදුකරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවය. සැකකාරියගේ පෙරහැසිරීම් දෙස බැලූ විට මෙයද පිළිගත නොහැකි බවද පැවසීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට සැබැවින්ම හෘද සැත්කමක් කරනවාද යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය එතෙක් කල් තැබීය.