(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සෑම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු යැයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය ජාතික ජන බලවේගයේ කාන්තා දින සැමරුම අමතමින් පැවසුවාය.

" ඇය නැගිටින විට නැගිටිනවා රට" යන තේමාවෙන් මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අති විශාල කාන්තා සහභාගීත්වයකින් මෙම සමරුව පැවැත්වේ.

" අපට අවශ්‍ය සමගිය සහ සමානාත්මතාවයයි.ඒ නිසා ආර්ථික වශයෙන් බලගැන්වුණු සාමුහිකත්වයෙන් කුළු ගැන්වුණු සහෝදරත්වයෙන් එකට බැඳුණු ශ්‍රී ලාංකික ගැහැණුන් හැටියට එකට වැඩ කරමු.

ලෝකය යුද බියෙන් ඇලලී සිටින මොහොතක ලෝකවාසී සෑම ගැහැණියකටම, දරුවකුටම සැනසීම සාමය සහෝදරත්වය සහ ආදරය පිරුණු ලෝකයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික අපි සැම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු යැයි අමාත්‍යවරිය කීවාය.